Wednesday, January 11, 2017

අතීතයට ආයෙමත් ...!

හද ගැහෙන රිද්මයට පුලුවන්ද
මතකයන් විතරක්ම අරන්  
තවත් එක මොහොතක්
අතීතයට ගිහින් එන්න.....

මල් පිපි පරවුනත් සුවඳ
හඳුනන්න තවමත්
නොහැකිම නොවන වග
පවසන්න රහසකින්
වියළුණු සමන් පඳුරට විතරක්ම

මැකෙන්නට අමතකව ගිය
පා සටහනක් එහෙම
තිබුනොතින් තවමත් මල් පාර
මතක් කරනවද අහන්න  
අහම්බෙන් වත් ඒවි දැයි සිතාන

නෙතු වේදනා ගෙනෙන බව
දන්නවා ඇති දැන්නම්  කඳුළ
බලා ඉද්දීම නොපෙනිලා ගිය
ඊයෙටත් වඩා සොඳුරුයි අද
නිසැකවම  සිහිකර  එන්න


No comments: