Monday, August 28, 2017

පිළිතුරක් නොලද්දෙමි..


.............................
 නැවතුම
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
තව ඇත
????????????????
මොකක්ද
" " " " " " " " " " " "
කියුවක් කවුරුහරි
!!!!!!!!!!!!!!!!!!!!!!!
ආශිර්වාදයක්
හැමදේටම තියෙද්දී
වටහාගැනීමක්


















මේ මුකුත්ම නැති
හිස් බව
කුමක් සේ දකිම්ද
ඇත්තටම ඒ නිහඩියාව
"ඔව්" ද නැත්නම් "බැහැද"
එහෙමත්ම නැත්නම්
"හා"ද "එපාද"
වටහාගන්නේ කෙසේද
"නිහඩබව" පිළිතුරට
බහුවරණ මොනවත් තියේද
වෙන මොනවටවත් නෙමෙයි
තේරුම් ගන්න
ඔව් නැහැ පිළිතුර
ප්‍රශ්නයකට





Sunday, August 27, 2017

තනියම

එදා
හිත කිව්වේ
මේ වසන්තය
විභාගෙට
අද
හිත කිව්වේ
මේ ගිම්හානය
විභාගෙට
වෙනස
මුකුත්ම නෙමෙයි
හිත දැනන් උන්නේ
එදා නුඹ මං ළග
අද මං උඹ ළග
ඒත්
අද වගෙම එදත් මං
උඹ ළගයි හැමදාම

Friday, August 25, 2017

ආදරෙයි ...

ආයෙමත් මල්
පිපිලා
සොබාදම හරි
ලස්සනයි
ජීවිතේත් මල්
පිපිලා
හද පැතුම්
නුඹ සමයි
කාලයත් කල්
ගෙවිලා
ගතවෙනා
නියමයයි
අදත් මං ආදරෙයි
ජීවිතේ නුඹමයි....

Tuesday, August 22, 2017

.................!



සිතුවිලි හුගක් දුර
ඒත් මං තවමත් මෙතන
හිත ගිහින් නිවන ළග
මම තාම සොහොන මත
විලංගු ලා බැදීම් සමග
තවම හිත එකම තැන
මහා අපුරුවට පෙනෙන
ජීවිතේ සිතුවම් අතර
නෙතු මුකුත් නොබලාම
හිස්ම හිස් නිහැඬියාවක
හාත්පස ඇසෙන
සමච්චල් වදන ළග
නිරතුරුව වාද දෙන
අලුත් බැමි බැදීම් ළග
අල්පයක් වත් නොදැනෙන
"සතුට"
කුසලයට උගස් කර
නික්මෙන්න කියන්නේ
හිත නිතර නිරන්තර

වාසනාව ....


පුස් කොළය
පුරාවට ලියවුන
හැබෑවක් නැති
සිත්තමක් !
ජීවිතය පුරාවට
මැවුණ
රාත්‍රියක් නැති
හීනයක් !

Sunday, August 20, 2017

මම -එදා සහ අද


ඉස්සර
මම පියමන් කළෙමි
ජීවිතය හොයා
සීරුවට
අද
මාතින් දැවටිලා
මල් කැකුළු
පියමන් කරන සඳ
මම
නික්මුණේමි
මොහොතකට
අතීතයට
උන් එක්කම



හිරු රහසේ කියාදුන්නු ආදරය ද මේ....



“ආදරය” හරියටම නිර්වචනයක් දෙන්න නොහැකි හැඟීමක්.ඒත් අපි කාගේ කාගේත් හදවතට දැනෙන හැඟීමක්.වයස, කාලය තරාතිරම වෙනසක් නැතිව දැනෙන හැඟීමක්. ඒ ආදරණිය හැඟීම ජිවිතයට දැනුනම මිනිස්සු ආදරය ඇතුලේ අතරමං වෙනවා. ජීවිතයේ අවධීන් දිනයකට සමාරුප කරන්න හැකිනම් හැන්දෑව කියන්නේ තුරුණු විය ඉක්ම ගිය කාලයයි.  “ගිමන් හරින දියඹ, සුසුම් හෙලන වෙරළ ඉමජිවිතයේ තුරුණු විය ඉක්ම ගිය බව පසක් කරයි.හිරු බැස යමින් සිටියි.බැස යන හිරු රහසින් සඳට නැගෙන්නට ආරධනා කරයි. ආදරය ළඟ හැමදාම සාහිත්‍ය නැවතුනේ සඳ ළඟ වගේම සඳ ආදරයෙන් අහස පුරාම රටා මවනවා.හිත පුරාම ආදරණිය සිතුවිලි සෙමින් සෙමින් මැවෙනවා. ඒ කොයි තරම්ද යත් දිනෙන් දින සඳ කලාවන් පුරනවා වගෙයි අඩැසි සඳ රටා මවන්නේ එලිය දී පායන්න ආකසේට.ඒ වගේම ආදරයත් සිත තුල මොහොතින් මොහොත දැනෙනවා.
හින අපේක්ෂා හැමකෙනේක්ගේම සිත් තුල ආදරය එක්ක බැදිලා තියෙනවා.තුරුණු වියේ ආදරණීය හැඟීම් එක්ක අපි කවුරුත් හිතින් රූප මවනවා නෙතින් දකින්නට. සිතින් හැමදාම ප්‍රර්ථනා කරපු,නෙතින් දකින්න ප්‍රිය කරපු, හදවතට දැනුණ ආදරය ළග කෙනෙක්ට මියදෙන්නත් පුළුවන්.බැහැල යන හිරු රහසේම කිව්වේ මේ දැනෙන ආදරය ගැනමද.හිරු බැස ගියාට හිතට දැනෙන්නේ ආදරයයි.ඒත් ජිවිතයෙන් පරිණත හිත ළඟ මේ දැනෙන්නෙත් මුළු හිතින්ම ප්‍රර්ථනා කරපු ඒ ආදරයමයි.ඇත්තටම ආදරයට වයසක් මොකටද? හදවතට දැනෙනවානම්. ඒ ආදරය ළඟ ජිවිතේ තියෙනවා නම්. හිරු කියන්න ඇත්තේ රහසින් ඒකයි. හිරු කවුරුවත් නොවෙයි වයසින් විතරක්ම තුරුණු විය ඉක්මුණු හිතමයි.
නිල් කටරොළු නිල” නිකම්ම නිකම් කටරොළු මලක්ම නෙමෙයි නිල් පාටින් නැහැහුන මුදු සුවදින් නැහැවුන  කටරොළු මලක්.ඒවගේම ආදරයක් ළඟ  ආදරය විදින්න පෙම්වතෙකුගේ සිතෙහි තියෙන බලාපොරොත්තුවක්. මේ දැනෙන්නේ ඒ ආදරයද? සිතින් විතරක්ම වින්ද ඒ ආදරයද? නුඹ රහසින් කියාදුන්නේ ඒ ආදරයද? මට හිතෙන්නේ තවමත් ආදරය ගැන සිතින්ම විමසනවා කියලයි.
හිරු රහසින් සඳට ඇරයුම් කළාම සඳ රටා මවනවා ආනන්දයෙන්. ඒවගේමයි නුඹත් රහසින් කිව්වා.රහසේම මට කියලා දුන්නා. ඇත්තටම ඒ හැමදේම මේ දැනෙන ආදරයද? ගිමන් හරින මේ ජ්විතේ රහසින් ඇරයුම් කරපු රහසින් කියාදුන්නේ හැඟීම ළඟ නවතින්න හිතෙනවා, ඒත් ආදරයට නිර්වචනයක් දෙන්න බෑ හදවතටම දැනෙන මේ හැඟීම ආදරයද?

ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුරා ර‍ටා මවනවා...

හිත් දැහැනේ වෙලි තිබුණු
නෙත් දෑලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ...

නිල් කටරොළු නිල නැහැවුණු
මල් බර මුදු සුව ‍රැඳවුණු
තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ…


පද රචනය -ජානක සිරිවර්ධන
සංගීතය - අරුණ ගුණවර්ධන
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේව

පෙර සසරේ පැතුමක් වී අපි වෙන්ව ඇති..

























දේදුනු රටා මල් ඉහිරුණ  සුවඳ දැනී
සුළඟක් ලෙසින් පාවී මුදු මිහිර විඳි
පහනක් නොවෙයි හද කළුවර එලිය මැවී
කවියක් වගෙයි රුපක මට මවනු බැරී

සහසක් සොවින් ලතැවුල් සිත සිනා සිසි
අහසක් උසට වියමන් වූ සිහින සැදී
පියුමක් වගෙයි  මගේ ලෝකයේ  පැතුම් පිරි
රහසක් නොවයි  පෙම් ගීතය මැකී  නැති

ස්නේහය පිරුණු  දෙනුවන් නීති පෙමින් වේලි
නොවෙනස් සිතුම් නොදනී  නුඹ සිතින්  මැවී
පෙර සසරේ පැතුමක් වී අපි වෙන්ව ඇතී
මං විතරක් ආදරයෙන් තාමත් මග බලා සිටි





ප්‍රේමය



මට මේ තරම් දැනෙද්දිත්.ඇයි ඔයාට මාව දැනෙන්නේ නැත්තේ කෙනෙක් මගෙන් අහනවා. කොහොම පිළිතුරු දෙන්නද තාමත් මං මගෙන්ම අහද්දිත් ඒ දේම. ඇත්තටම ඔයාට මොහොතකටවත් දැනෙනවද  මාව? මං  අහනවා මගෙන්ම. ජිවිතේ හරිම පුදුමයි. ජිවිතේ සුන්දර බලාපොරොත්තුව අපි ප්‍රේමය නමින් අරුත් ගන්වනවා.ඒත් ඇත්තටම ප්‍රේමය කුමක්ද? මටත් හමුවෙලා ඇති. ඔබටත් හමුවෙලා ඇති.අපිටත් හමුවෙලා ඇති.ඒත් ඒ ප්‍රේමයමද? මං දන්නේ නෑ හරියටම. හදුනාගන්න කොහොමද කියලා දන්නවා ඇතිද? කවුරුත්ම.
ගස් වල මල් පිපි ඵල දරා සොබාදහම සුන්දර වෙනවා.මිහිතලය මත නොයෙක් සුවදින් මල් පිපෙද්දී සොබාදහමට වසන්තය ඇවිත් අපි හිතනවා. ඒත් ඒ සොබාදහමට  ලස්සන කරන  ගසක මුල්  අපි කවුරුත් දකින්නේ නෑ.ඇත්තටම මතුපිටට පෙනෙන්නේ නෑ. ජීවිතෙත් හරියට එවගෙයි. ගස් වල මල් පිපෙද්දී වසන්තය උදාවෙලා කියන්නා වගේම ප්‍රේමය ජිවිතයට වසන්තය අරන් එනවා කවුරුත් කියනවා.ඒත් ඒ ප්‍රේමයමද? ගසට ජිවය දෙන මුල් කාටවත් නොපෙනනවා වගේම ජිවිතයට ජිවය දෙන්නෙත් ප්‍රේමයයි. ජීවිතය ජිවත් කරවන බලාපොරොත්තුව ප්‍රේමයයි.වස්සානයේ මල් පිපි ඵල දරන්න ගස සිහිනයක් දකින්නා සේම ප්‍රේමය විසින් ජිවිතයට සිහිනයන් හදවත තුල නිර්මාණය කරවනවා කාටවත් නොපෙනෙන්න.ඒත් හදවතට විතරක් දැනෙන්න මුළු ලෝකයම තමන් ළඟ බව.ප්‍රේමය සොබාදහම ට සමීපයි.
හදවතේ ගැඹුරටම දැනෙන හැඟීම ප්‍රේමය අපි කාට කාටත් දැනිලා ඇති. විලක,දොළක, ගඟක වෙනසක් නෑ දිය ගලාගෙන ගියත් රැදී කෙත්වතු සාරකළත් ජිවය දෙන්නේ උල්පතයි. දියෙහිම වැඩි විල්තෙර මත පියුමක්ව දහසක් නෙළුම් පිපුණත් සැමටම ජිවය සාදන්නේ උල්පතයි. ජීවිතෙත් හරියට ඒවගෙයි.ජිවිතේට ජිවය දෙන්නේ ප්‍රේමයයි.සිනහව, කඳුළ, ජයග්‍රහණ, අහියෝග හැමදෙයක්ම ජිවිතේට සොඳුරු අත්දැකීම්. ඒත් ඒ හැමදේම අතරේ අපිට ප්‍රේමය හමුවෙලා ඇති.සියපතක් විල් දිය මත පිපෙන්නා සේම අපි හැමෝමත්  ජිවිතේ කියන විල්තෙර මත ලස්සන සියපතක් වෙලා පිපිලා ඇති. එහෙම ලස්සනට මල් පිපෙද්දීත් උල්පත නිහඩයි වගේම ජිවිතයට වසන්තය කැන්දන ප්‍රේමණිය බලාපොරොත්තුව අපේ හදවත් තුල නිහඬවම නැවතිලා ඇති අපි දන්නවා වුණත් නොදන්නවා වුණාත්.
ඉතිං කොහොම පිළිතුරු දෙන්නද? හදවතට දැනෙන්නේ නැත්නම්, මම දන්නේ එකම එක දෙයයි. “ඇත්තටම මට හිතුණේ නෑ.දැනෙන්නේ නෑ” හදවතට දැනුනානම් මං දෙපාරක් නොහිතම නුඹ ලඟින් නවතියි.ප්‍රේමය කියන්නේ මොකක්ද? මං දන්නේ නෑ.ඒත් හදවත කියන්නේ ඒ දේනම් ජිවිතයට දැනෙන්නේ ඒ දේනම් ප්‍රේමය කියන්නේ ඒකට වෙන්න ඇති.ඒත් හැමෝම කතා කරන ප්‍රේමය හදුනාගත් කෙනක් නැතිව ඇති.ප්‍රේමය හදවතට දැනෙන ආදරණීය හැඟීමක් මාත් හරියටම දන්නේ නැති.

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ගායනය : චන්දන ලියනාරච්චි
පදරචනය:යමුනා මාලනී පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ



සුළඟට කියමි.


රහසක් කියමි සුළඟට
නුඹ ලගින් දැවටෙන්න
හිමි හිමින් ඇවිත් මට
නුඹ ගැනම මුමුණන්න

ඉන්නට කියමි සුළඟට
ළගින්ම සිපගන්න මට
තනිකම දැනුණම හුගක්
හිමින් දුක නිවන්නට

කවියක් කියමි සුළඟට
අරුතක් එක්කොට තාලෙට
ඉස්සර වාගෙම හීනෙන්
නුඹ මගේ මට ළග ඉන්ට

ඒ අහම්බයක් ඇත්තටම !


ඇස් දකින්න වැඩිපුරම ආස මොනවද කියලා කවුරුහරි මගෙන් ඇහුවොත්  අදත් මගේ හිත ඉස්සෙල්ලාම දෙන පිලිතුරක් "ඔයාව". මට මුළු ලෝකෙම අමතක වෙන ඔයාගේ හිනාවෙන මුහුණ දකින්න ආසයි මං මොහොතකට. ඇත්තටම මොහොතකට නෙමෙයි හැමදාටම. ඒත් ජීවිතේ  අපිට උරුම දේවල් එක්ක ගනුදෙනු කරමින් හුස්ම ගන්න අපි ගොඩක් දෙනාටත් ඇති එහෙම කෙනෙක්. නොහිතපු මොහොතක අහම්බෙන් අපිට අපි මුණගැසුණොත්. ඒ මගේ ජීවිතේ හීනයක් සෑබෑ වූ මොහොත.

අපි අපිව මුණගැසෙන අවසාන දිනය එදා බව දැනුණි නම් මට මොහොතකටවත්,ඇත්තමයි අනේ මට තව ටිකක් නුඹ ළගින් ඉන්න තිව්ණා. හැමදාම මට හිතුණා එහෙම. ඒත් මේ පුංචි රටේ පුංචිම පුංචි දුරක අපි අපිව නොදන්නා සේ උන්නාට මට නුඹව මුණගැසුණා මගේ ඇස් ඉදිරියෙම.මට දැනුණේ ඇත්තටම  මේ  සොබාදහම හරිම පුංචියි කියලා. වචනයට ගලපන්න නොතේරෙන තරම් ආශාවෙන් මා පෙරුම් පිරුවෙමි,බලාසිටියෙමි ආයෙමත් වතාවක් නුඹ දකින්නට.
මේ පුංචි රටේ නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ යළි අප හමු‍වේවී
යළි අප හමු‍වේවී.
ඒ මගේ සිත්හි හැමදාම තිව්න ප්‍රාර්ථනය.
ජීවිතේ තිබුණු සොදුරුතම සිහිනය සිහිනයක් පමණක්ම වී හදවතේ මතකයන් පමණක් ශේෂ වූ වර්තමානයක මම යථාර්ථය වටහා ගනිමින් සිටිමි. සොබාදහම විසින් අපිට සබදතා නිර්මාණය කරන්නා සේම ඒකී සොබාදහම තුළම ඒ සබදතා දුරස් වන බව දනිමි. එය මා සිතු සේ අපට පමණක්ම උරුම වූවක් නොවේය. ඉතිං ජීවිතය නුඹේ හමුවීම සමග තිළිණ කල ජයග්‍රහණය මෙන්ම නුඹේ නික්මීම තුලින් පැරදුමද මට පසක් කරවීය. නුඹේ ආදරය මගේ මුළු ජීවිතය වුවද සාපෙක්ශව බැලු කල බොහො දෙනෙකුට උරුම පැරදුම මමද වටහාගත යුතුය.මං නුඹෙන් වෙන්ව ගොස් වන්නට පුළුවන් වුවත් නුඹද මගෙන් වෙන්ව යා යුතුයි මම අද දනිම්.සොබාදහම විසින් එය මට පසක් කරවමින් සිටියි.ඉතිං නුඹ ගියා මෙන්ම මමද ඒ ආදරණීය හීනයෙන් ඇහැරී සමුගත යුතුය.
ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ //
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
ඒත් මේ පුංචී රටේ අද වගෙම ආයෙමත් අපි හමුවීම නොවිමට නොහැකිය. එකම එක මොහොතක් නුඹ දකින්නට මා පැතු ප්‍රාර්ථනාව ඇස් ඉදිරියේදීම සෑබෑ වූ මොහොතක මට සිතුවිලි ගැලපිය නොහැක. නුඹට මා මුණගැසුණිදැයි මා නොදනිමි.එහෙත් මට නුඹ මුණගැසුණි.  ඉතිං එදා වගේම අදත් නුඹ මුහුණෙ රැදී සොදුරුතම සිනහවත් සංවේදී කමත් හදවතින් දරාගෙන මම නුඹටත් හොරෙන් නුඹ දිහාම බලා උන්නෙමි.  අද මට නුඹ මෙන්ම ආයෙමත් දවසක මේ පුංචි රටේ ජීවන ගමනක යෙදෙන අපිට අපි මුණගැසෙන්නට පුළුවන. ආයේමත් ආයෙමත් මුණගැසෙන්නට පුළුවන. ඒත් ඒ හැමදාම මං අද වගෙම ගොළු විය යුතුද? අපිට අපි අහම්බෙන් මුණගැසුණ මොහොතක ඉස්සර වගෙම සතුටින් හිනහෙන්න මට පුළුවනිද?
ජීවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි හමුවන දිනයේ  //
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ
වචනාර්ථය පමණක්ම පද අතර සංකලනය කලද සිදුවීම සමග සිත වෙලාගත් එකම ගීතයේ පද ස්මරණය වීම සටහන ලියන්නට පෙළඹුවේය. සොබාදහම විසින් නිර්මාණය කළ මොහොතක කාලය විසින් මට නුඹ මවා පෙන්නුවා දැයි නොදන්නා මුත් ආයෙමත් දවසක් අපිට අපි මුණගැසෙණ නිමේෂයක් වේනම්  ප්‍රාර්ථනයක් ආයෙමත් මං හදවතින් පතමි.

මේ පුංචි රටේ නොතැනක දී ‍හෝ
මතු කවදා හෝ යළි අප හමු‍වේවී
යළි අප හමු‍වේවී...
ආදර සිහිනය දෑසක උතුරන
කඳුළු ගඟක් වන දිනයේ //
ජීවිතයට හිමි පැරදුම පිළිගෙන
සමුගෙන යමු වෙන්වී
ජීවිත ගමනෙහි කොතැනක දී හෝ
අප යළි හමුවන දිනයේ  //
මේ දුක් කඳුළැලි වියැකුණු දෑසින්
හිනැහෙනු මැන පෙර සේ

මේ පුංචි රටේ......

ගායනය: ටී.එම්.ජයරත්න
පද: කුලරත්න ආරියවංශ
සංගීතය:එච්.එම්.ජයවර්ධන

දකින දේම නෙමෙයි....


"සමන් මල් සුවඳක් නේද"
"නෑ..."
"ඒ ඔයාට හිතුණ හැටි"
"එහෙනම්..!"
"පිච්ච මල් සුවඳක්"
"ඉතිං"
"එකම ජාතියෙමනේ"
"නෑ..."
"තියෙනවා වෙනසක්"
"අපි හිතුවේ නැති වුණාට
ඇත්තටම"
"පුංචිම වුණත් වෙනසක්"
"ඒකත් ඇති"
"ජීවත් වෙන්න මොහොතක්...!


Saturday, August 19, 2017

දම් පාටින් ලා සද .....


රාත්‍රිය කොයිතරම් නම් රහස් සගවන් ඇත්ද ලෝකයට නොපෙනෙන්න. සද එලිය තරු කැකුළු විතරක්ම දන්න අනන්තවත් දේවල් ඇති ඒත් හිරු එළිය මුකුත්ම  නොදන්න. ප්‍රේමවන්තයින්ට රාත්‍රිය   සොදුරුතම සොබාදහම් ආශිර්වාදයක්. එය සම්මතයේ වුවද අසම්මතයේ වුවද ප්‍රේමවන්තයින්ට රාත්‍රිය ලස්සන නවාතැන්පොළක්. ඒත් රාත්‍රිය නික්මීම සමග ඔවුන්ටත් වෙන්වන්න සිදුවීම සමාජ සම්මතයයි.

සද එළිය හාත්පස පැතිරුණු කළුවර ආකාසේ දම් පැහැ වෙලා ආකාසයෙන් සද නික්මෙන්න ළගයි. සාමාන්‍යයෙන් හිරු බැස යද්දී පෙම්වතුන් වෙන්ව යන්නේ ඒත් ඔවුන් වෙන් වෙන්නේ සදු බැහැලා යද්දී. ඔවුනුත් ප්‍රේමවන්තයෝ නමුත් සම්මතයට එහා ගියපු සමාජ අසම්මතය තුළ ඔවුන් රාත්‍රියට ආදරය කරනවා, පමාවෙලා හිරු නැගෙන්න. සද ආකාසයෙන් බැහැලා යන්න තව මොහොතයි තියෙන්නේ අළුයම හිරු උදාවෙන්න ළගයි. හිරු උදාවෙන්න ප්‍රථම සද දම් පාටට හෙමින් බැසයන පාන්දර ආකාසය  රන්වන් පාටයි. අකමැත්තෙන් වුණත් නික්මෙන්න සිදුවන වේදනාබර මොහොතක කතාකරන්නේ කොහොමද? නුඹෙන් සමුගන්නා මොහොතේ කතා කරන්න වචන තෝරන්න නොහැකිව නිහඩව සිටිමි. අපි අප සමීපයෙන් නික්මි යා යුතුයි.

දම් පාටින් ලා සද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
නොදොඩා ඉන්නේ ඇයි....

ආකාසයෙන්  බැස යන්න සැරසෙන සද සේම නුඹේ මුහුණද දම් පැහැතියි.
වෙන්වී යා යුතු වුවත් වෙන්වන මොහොතක් නොසිතෙන මේ  මොහොතේ නුඹේ මුහුණට ළංව හිදිමද  සතුටක්. ඇත්තෙන්ම සමුදිය යුතු වුවද එය සිතට නොදැනෙයි. ආදරයෙන් වෙලී වුන් ලොවෙන් නික්ම යාම වේදනාවක්, ඒ හැගීම තුළ මං නුඹට තවත් ළංවී හිදිමි.
දම් පාටින් සද මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මං....
ගොළුවී ඉන්නෙමි මං....

හිත් තුළ ආදරේ පුරෝගෙන ඒත් සමාජ අහිමානයට නතුව සැගවුණ ආදර කතා බොහොමයක් ඇති අපි අතරත් සමාජය තුළම.සිතට දැනෙන හුදකලාව මකාගන්න නුඹේ සෙවණැලි ජීවිතේ පුරාවටම ඇන්දත් ඒ සියල්ල මැකි යන බව දනිමි. ඒත් ඇය දැන දැනම බිත්ති පුරාවටම ඔහුගේ සෙවණැලි අදියි. ඔහු ආයේමත් හමුවන්නත් පුළුවන නොවන්නත් පුළුවන  එහෙත් ආයෙමත් ඔහු ඇය සොයා එනතුරු ඔහුගේ මතකයන් ඇගේ මුළු ජීවිතය තුළම ඈ සිත්තම් කරගෙන ඇත.සමාජය නැමැති කළුවර ලෝකය තුළ  ඇයට ඔහුගේ සෙවණැල්ල පවා උරුම නැත. කළුවර සමාජය තුල ඔවුන්ගේ ප්‍රේමණීය සෙවණැලි මකාදැමිය යුතුයි. මන්ද ඔවුන්ගේ බැදීම සමාජ සම්මතය පිළිනොගන්නක් විය හැකිය.

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා....

මොහොතකින් ගෙවී යන්න ආසන්න මේ රාත්‍රිය තව දිගු වුණානම් ඔහුට ඇය ළග තව මොහොතක් නවතින්න තිබුණා. අහසින් දම් පැහැයෙන් බැහැලා යන්න හදන්නේ ලා සද එය සරා සදක් හෝ මෝරපු සදක් නොවෙයි.අසම්මතයේ පෙම්වතුන් වුවත් ඔවුන්ගේ ආදරය තවමත් අළුත් ලා සදක් මෙන්. ඒත් ඔවුන් එකිනෙකාට ඔවුන් අයිති නෑ. රාත්‍රිය තව දිගු වී ලාසද නොමැකී තියේනම් තව මොහොතක් ඇය සුවයේ හිදින්න ඔහුට හැකියි.නමුදු එයද තාවකාලික මොහොතකි තාවකාලික නැවතීමකි.නෙළුම් පතක දිය රදන්නේ නැත. එමෙන්ම ඔහුට ඈ ළග සදහට නැවතිය නොහැකිය. පමාවෙලා හිරු නැගෙන තුරු ඔහු ඇය ළගින් ඉන්න රාත්‍රිය දිගු වෙන්නැයි අයදියි ඒත් ඒ නෙළුම් පතක රැදි දිය බිදුවක් සේමයි. එතැන ස්ථීර බැදිමක් නොමැත.

රෑ කල දිගුවේ නම්
ලා සද නොමැකේනම්
නෙළුම් පතක රැදි පිනි බිදුවක් සේ
ලමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නගින තුරා....

ඇත්තෙන්ම රාත්‍රිය විතරක් දන්න සමාජය විසින් අසම්මත යැයි නම් කළ රාමුවට නතුව ප්‍රේමවන්ත හිත් කීයක් නම් මේ රාත්‍රිය තව දිගු වී සද හිමින් බැස ගොස් පමාවෙලා හිරු නැගෙන්නැයි අයදිනවා ඇතද හිරු එළිය නොදන්නවා වුණාට.

දම් පාටින් ලා සද බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි....
නොදොඩා ඉන්නේ ඇයි....

දම් පාටින් සද මුහුණ පෙනෙනවා
වෙන්වී යන මොහොතක් නෑගෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළුවී ඉන්නෙමි මං....
ගොළුවී ඉන්නෙමි මං....

සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්....
බිත්ති පුරා ඔබෙ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි....
එනතුරු සොයා මගේ සෙනෙහස මතුදා....

දම් පාටින්....

රෑ කල දිගුවේ නම්
ලා සද නොමැකේනම්
නෙළුම් පතක රැදි පිනි බිදුවක් සේ
ලමැද තලා යහනේ ඉන්නම්
පමාවෙලා හිරු නගින තුරා....

දම් පාටින් ලා සද....

ගායනය : ගුණදාස කපුගේ සමග මාලනී බුලත්සිංහල
සංගීතය : ගුණසේන කපුගේ

සුළඟට කියමි නුඹට ඇසේනම්....


නුඹ ඇවිත් මග කියු
සුන්දරම හීනයක
මං හෙමින් ඇවිදිනවා
පියවරෙන් පියවරට

එකම එක මොහොතක
හද වෙලා සෙනෙහසින්
නුඹ කියාදුන් ලෝකයම
ජීවිතේ මගෙ ඉතින්

හද රිදුම් හුදකලාවක
කදුළු කැට මියදුණත්
තාම මං හිනහෙමි
ජීවිතේ නුඹ නමින්

නුඹ තරම් ආදරෙන්
කවුරුත්ම නෑ ඉතින්
හැමදේම කියාදී
ජීවීතේ තිළිණ දුන්

පැතුම් මල් එකිනෙක රිසින්
මං ඇවිත් ඉස්සරහට
සත්තමයි අතරමග
නුඹ උන්නේ හද තුටින්

පුංචිම මතකයක සැණින්
නුඹ ආවොතින් ඉතින්
මං තාම හුන් තැන සිතින්
හුස්මක් නොමැත නුඹ දුරින්


අහම්බෙන් දවසක සිතින්
සිහිනයක් වී ඇවිත් නිතින්
හිනහෙන්න සුපුරුදු සිතින්
හෙටත් මම හිනහෙමි නුඹ නමින්

මුකුත්ම නෑ හිස් !



මං මාව හොයන්න
හීන දකිද්දී
උන් මං වෙන්න
හීන දකිනවා
මං කණ ඇස්
පියාගෙන ඉද්දී
උන් මගෙ ඇසින්
ලෝකය දකිනවා
මට මෙතන
මුකුත්ම නෑ
ඒත් උන්ට උන්ගේ
මුළු ජීවිතේම තියෙනවා





Friday, August 18, 2017

මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


සොබාදහම පුදුමාකාර වෙනස්කම් කරයි.ඇතැම් විට විස්මය ජනිත කරවන සුළු විවිධ  වූ සොබාදම් මායාවන් තුල මිනිසා තම ජීවිත අත්දැකීම් මතකයන් යලි යලිත් ස්මරණය කරමින් කාලය ගත කරයි.හදවත තුලින් ප්‍රතිරාව නංවන හුදකලා බවේ සාංකාව  පද එකින් එක ගලපමින්  තවමත්  මම ලියන කවි තුල ගැලපෙමින් තිබේ.ඉස්සරම වගෙයි තවමත් වෙනසක් නැහැ,වෙනද වගේම වැහි බිඳු ගැබ්බර වූ අහසෙන් නික්ම මහපොළවට ඇද හැලෙයි.වසන්තය ගෙවී ගිම්හානය උදා වුවත්  ආයෙමත්  වසන්තය උදාවන සොබාදම් නියමය අනුවම ගස් වල මල් විකසිත වී ඇත. කාලයට සාපේක්ෂව ඔබ වෙනස් උනත් අපි වටා තිබු සියල්ලම එදා වගේම වෙනසක් නොමැත.ඒත් මට විතරක්ම දැනෙන තනිකම සොබාදහමට දැනී   නැති  බව නම් සැබෑවක් .අද මා  සමීපයෙ නුඹ නොමැතිව දැනෙන හුදකලාවෙන්  පාළුවවෙන් සිත නුඹ පිළිබඳවම විමසයි. ඒ නිසවෙන්ම දැයි නොදන්නා නමුත් අපිට සුපුරුදු  ගී පද සවනත වැකෙනා සෑම නිමේෂයකම මම මසිතෙහි අපේ මතකයන් සොයමින් වෙහෙසෙමි.දුර්වර්ණව ව ගිය පැහැය හැරෙන්නට තවමත් අපි වාඩි වී දොඩමලු වූ අසුන, මල් පිපිණු ගස අසල අප එනතුරු බලා සිටියි.ඒත් අප අවා නැතා යැයි වෙනසක් නොමැතිවම මල් පිපි තිබෙනු දැක මගේ දෙනුවන් කඳුළු සොයද්දී අපේ අතීතය මා ඉදිරිපස  සිත්තමක් සේ මැවී පෙනෙයි.

වේදනාවෙන් දුකෙන් පිරුන හිතේ දුක වාවගන්න හැටි  කියාදෙන්න නුඹ තරම් සමත් කිසිවෙක් තවමත් මට මුණගැසී නොමැත.අතොරක් නොමැතිව නෙතු කඳුළු සලද්දී සෙත් කවියක් ව සෙනෙහෙබරව කියදුන්නු ජීවිතේ පාඩම් තුලින් ඉස්සර වගේම හිත හදා ගන්න පුළුවන් වුනානම්,  මගේ සවන් මේ තරම්ම නුඹ, නුඹේ හඬ අසන්නට බලාපොරොත්තුවෙන් නො ඉන්නත් තිබුණි.ඉස්සර දුක සතුට හිමිවෙද්දී මා නිසාද නුඹ නිසාදැයි සිතු වගක්වත් මතකයේ නැති උනත් නුඹ සමීපයේදී දැනුන දුකත් මිහිරි වූ බව යලිත් සිහිගැන්වෙන සොඳුරු මතකයක් පමණක්ම වී ඇති බව සැබෑවක්.ගෙවිල ගියපු ඒ මතකයන් හැම දේම වෙනසක් නෑ අතීතයට නම්.එත් වර්තමානය තුල මා තවමත් ජීවත් වෙන්නේ ඒ මතකයන් සමගයි.ඒ නිසාම වෙන්න ඇති අහිමි බව දන දැනත් මම තවමත් මගෙ නොවන මගේම විතරක්ම වුන අපේ කවිය ලියමින් ඉන්නේ.

ගහකොළ විතරක්ම නෙමෙයි මේ අහස වගේ ආදරය අරන් නුඹ පුර සඳක් වී මගේ ලොවට පායාවී යැයි මා මැවූ සිහින සියල්ලම බොඳ කරමින් නුඹ අවපසක සඳ වූ බව මටත් තවම පුදුමයක්.අද ගෙවී ගොස් නිසැකවම අතීතය වන බව දැන දැනත් අනාගතයට පියනගන්නට කාලය මගෙන් නොවිමසාම මට  ආරාධනා කරනා නමුදු ජීවීතය ජීවත් කරවූ බලපොරෝතුතුව වූ නුඹ නොමැතිවම අනාගතයේ දුෂ්කර වූ අවස්ථාවන්ට මුහුණ දෙමින් ජීවිතය ගෙවන්නේ කෙසේදැයි මා මගෙන්ම විමසමි. ඒත් සැරෙන් සැරේට වාද කරමින් සිත් විමසනා නමුත් තවමත් පිළිතුරක්  නොලද  පැනයක් මා සතුව ඇත.නුඹ නැතිව තවමත්   තවමත් මා ලියන මේ කවිය සම්පූර්ණ වන  වන දවසක් ඇත්තෙන්ම එළඹෙවිද?

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියෙනවා
නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

දුක පිරුණ මගේ හිත නුඹ හොඳට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

අනාගත වාළුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවම්ද සා පවස විඳ දරා
පුරපසක නොවී නුඹ අවපසක සඳ උනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

ගායනය : ගායන ශිල්පී  සෝමතිලක ජයමහ

රාත්‍රිය ...


සිත්තම් මවන සෙවණැලි
රටාවන් අතුලත අපුරුවට
රඟමින්  තුරු මල් සොඳුරුයි
පවනින් වයන තාලයට 
රහසින් කොඳුරනා ගී වැල්
සියොතුන් නොනිදා මිහිරියට
රන්වන් සේලයෙන් සැරසී
වාගෙයි මිහිලිය  රසදුනට
යන්නම් කියන්නට ඇවිදින්
සඳ දිලි දිලෙනවා රුවනට
සොඳුරුයි  ආකාසේ  පසුදාත්
නික්මුණත් පුන් සඳේ එළියට