Wednesday, January 11, 2017

නොවේ මම...

අරුතක් සදිසි කවියක පද
එකිනෙක අමුණනවා මිස
පදරුත් සපිරි කවියක
එලිසමය නොවේ මම....

තරමක් නොකියනා අහසේ
අදුරට දිලෙන පුංචි තරුවක් මිස
විසල් අහසෙම දිලෙන
සදවතක් නොවේ මම....

හෙටටත් දිනක් ඇත්දැයි නොදැන
අද ගෙවෙනවා මිස
මමවත් නොදන්න හීනෙක
සැරිසරන්නට නොහැක මට....


No comments: