Wednesday, January 11, 2017

වැස්ස ....

වැහි බින්දුවක් හදිසියේම 
තණ පතක් සොයා විත් 
මිලින වී වියළුණු රළු
ගිම්හාන සුළගේ ඉපල් වූ තුරු මුදුන්
විකසිතව දිලෙනකම්
බොරපාට ගලන දිය
තිම්ර සේල සළු අතුරාන
මිහිමතේ සිරියාව පිරී නම්
දුලි සලකුණු මැකී නොමැකුණු
රටා සිතුවම්
පොදින් පොද වැසි බිදු අතර
සඟවමින් මතුකළ සිනාවන්
ලෝකයම අලුත් වී
වැසි වැස්ස ආකාසේ
නෑ කිසිත් නොදන්නා සේ හිඳී දැන්...


No comments: