සුළඟ විත් ගත විඩා සරතැස
රිසින් උදුරා ගත් නිසා,
යදම් ගැයූ ඒ
විඩාබර ගී
අසා ඉන්නට - සවන
අකමැති වෙන්නැති....
නොකීවත් යලි ඇවිත් යන්නට
වෙරළ තනිවී සිතු නිසා,
මහා සමුදුර ගෙනා ස්නේහය
නිතින් විඳිනට - රුහුණු කුමරිය
අකමැති වෙන්නැති....
නීල අහසට ඇලුම් පානා
සයුරු රළ සිරි පෑ නිසා,
තුරු ලතාවන් රඟන පෙළහර
බලා ඉන්නට - නයන
අකමැති වෙන්නැති....
සිල්පරක දුර රේල්ලුව මත
සම කරන්නට බැරි නිසා,
රුහුණු කුමරිය වෙනද වාගේම
හැල්මේ දිව්වේ සැබෑවේ තතු
අමතකව වෙන්නැති....
No comments:
Post a Comment