හිමින් තුරු පත් නික්මෙන පියස්සට
ඉදහිටදී වරුණක් සැණින්
සිප වැළඳ ගත්තට
නොවසිනා බැව් දැනෙද්දී මිහිලිය
සිතුවම් දුලී මකන්නද කෝම...
නෙතුපුල් මිලිනව හැමදාම සවසට
ආයෙමත් විකසිත හෙටත්
ළාහිරු කිරණට
සිනාසෙන්නට අවැසිය සදහට
වලාවක මග හිදින්නද කෝම...
මොහොතින් සැලි නිසසල දියගැඹ
නොනැවතී දෝතින්
ගලන සිදු සොයා සයුරට
ඇසිල්ලක හුරු පුරුදු පුරුද්දට
නිමේෂයක් නවතන්නද කෝම...
No comments:
Post a Comment