Wednesday, January 11, 2017

ප්‍රාර්ථනා...


ලා සඳ පායා කලා පුරන සේ
පාළොස්වක දා අඳුර මකන්නට
කෙලෙසුන් විදහල අරුතක් සොයනා
මොහොතක් සිත මා පැතුමක් වී නම්.....

ලා දළු සැලෙනා නිදහස් පවනින්
දම් සුව සෙවණේ සෙවණ සදන සේ  
නීති සුව සුවයේ නිවී නිවෙන්නට
සසරේ පිරුමන් පෙළින් සැදී නම් ....

සතොසින් සරනා නොබැඳුනු පැතුමින්
අත්තටු විදහල සියොතුන් අහසේ
කුසලින් සපිරිනු සිතුවිලි සුවදේ
දවසක හද සිතු සැබෑව වේ නම්......



No comments: