Wednesday, January 11, 2017

ඒක පාර්ශවීය ප්‍රේමය

නෙතින් ඉඟිකර සිනා විසිරුන
ප්‍රේම පැතුමක සිහින එක්කොට
ක්ෂිතිජයට සමීපව මොහොතක්
සිඳු අඹර සිප වැළඳ ගත්තා
උණුහුමට රිසි සෙනෙහසින්

වෙරළ සොයමින්  ඇදී ආවත් රළ
පුරුද්ද බැව් වෙරළ සිතුවේ
පෙම්කල වගක් රළ
නොදනී වෙරළ තාමත්

රෝස මල්පෙති මුදුව ඇතිරූණු
ප්‍රේම පලසක නුරා වත්සුනු
 සෙමින් පිරිමැද මා  පුරා තුනු
නළවමින්  මා සිත තුටින
වැළඳගත්තා සෙනෙහසින්

මල් පිපි සුවඳ විහිදෙනා මග
සමනලුන් ආවේ රොන්  සොයා වුව
පෙම් කළ වගක් මල
නොදනී සමනලුන් තාමත්












No comments: