Wednesday, January 11, 2017

ඇරඹුම අවසරකි ජීවන වසත් කල



සියොතුන් ගී ගයා රඟදෙන වසත් කල
දේදුණු රටා මල් සැමතැන පිපෙන සඳ
සුපැතුම් ගෙනෙන මදනළ ගත සුවය වැද
හිරිමල් වියට සමුදෙමි සිත් සතුට මැද

සෙනෙහස සැනසුමද රැඳී ගෙපැලක සිහින
අඹරට උසයි මිහිඹට නොදැනෙන අරුම
සිත රැඳී පෙර දිනක නිදහස මිටින් හල
ඇරඹුම අවසරකි ජීවන වසත් කල

සිත් පැතුම් සම නොවන හිරු සඳුට හැමදාම
සෙනේ විල් තලා මැද සිසිල් දිය බිඳකි මම
ඇසි පියන ඇසිල්ලකින් ජීවිතය දුර දකින
උතුම් සිරිකතක වෙමි  ලෝකයක් තනන

සේපාලිකා මල් කැකුළු පුදීනා සැන්දෑවක  
දුරින් නුදුරින් දැනෙන විඩාබර නුඹ සුවඳ
සුසුම් පොද දවටෙනා තුරාවට මග බලන
මමම වෙමි සෙවනැල්ල නුඹ පසුපසින් ඇදෙන

No comments: