Wednesday, January 11, 2017

සිල් ගත්තු උපාසක අම්මා....

ඉර ඇහැරෙන්ටත් හොරෙන්
සිල් සමාදන් වෙන්න
උපාසක අම්මා පන්සලට ආවේ
වෙනද තැන සොයාගෙන
වෙනදටත් වඩා සද්දෙන්
සාධු..!  සාධු..!  සාධු..!
හැමෝටම ඇහෙන්න

බුදුහාමුදුරුවෝ දෙසු බණ
ඇත්තම තමයි
නොහික්මුණු සිත මහා දුර දුවයි
නිදාවැටෙද්දී අහම්බෙන්
එහා වත්තට .....
වැටෙන පොල් අහුලන්නේ කොහොම
අපරාදේ....?? සිල් ගත්තේ!

සමාදන් වුණා අටසිල් පිළිවෙළට
මුසා බස් නොකියන්නේ  කොහොම
දැනගත්තොතින් ! සිල් ගත්තු විත්තිය
ගේ අගුළු දෑවත් පිට උන්ගෙන්
රකින්නේ කොහොම  සේසතම ගෙදර
සාධු ...! සාධු..! සාධු...!


සිල් සමාදන් වෙන්න තනියම
ආවේ පන්සලට හදිසියෙම
නිවන් යන්නට හැකියි
හැමෝටම  කලින් මොහොතක්,
පින් පිරෙන්නේ වැඩියෙන්ම......
මහ විහාරයක  සිල් ගත්තාම.
සාධු...! සාධු...! සාධු ...!












No comments: