Wednesday, January 11, 2017

ආපසු ...,

නෝක්කාඩුවට වෙනස්කම් කරනව
කාලයත් හෝරා දින එක්ව
වාරු නැති හිත නොයාම බැරි සඳ   
බැලුවත් හැරී හැරී පිටුපස
කවුරුවත් නොවේ හිනැහෙන්නේ
මග කියූ අතීතය දවසක
තේජස අභිමානය දිලෙන ඇස්
හාත්පස විත් සෙමෙර සලනා දැක
සැලෙන්නට කලියෙන් දෙඇස් 
නවතින්න සිතනවා මොහොතක්
නොදමා යා නොහැකි සොව
කර්කශ වුන බව දැන දැනම ජීවිතය
වහන් වී තාමත් පරිස්සමට
මුමුණනවා රහසේම කතාවක් සිත  
ආයේමත් එන්නම් නිවාඩුවට
අවසරයි නික්මෙන්න යලි නවාතැන වෙත






No comments: