Wednesday, January 11, 2017

සන්නාලිය



නේක සළු හඩ දමා සුසුම් හුයෙන් වියෙන
බොඳ වෙලා ඇත තුටින් පැතු සිතුම් දම් සිහින
නුහුරු පුරවර සොඳුරු සතුරු නෙත් ඉගිමරන
මං මටම සෙවනැල්ල රුදුරු අඳුරින් මිදෙන

 ඇගිලි තුඩු රිදුම් දී කඳුළු මුත් දෙනයනට
පහන් කොට දිවා රෑ උහුලන පවුල් බර
උරුමයම හෙට දිනක සිප් කිරුළු දිනාගෙන
පෙර මගට දිව ඒවි ලෝකයම දිනාගෙන

හුදකලා නෙතු අගින් වියැකිලා දුක් කඳුළු
අදිටනක දැවටිලා තනිකමට සිත රැඳුණු
දුලා සළු පිළි අතර රැඳී සිතුම් යලි පුබුදාන
සන්නාලි මෙහෙවරක දෙමි නීති නිම නොවන 


 

No comments: