Thursday, December 12, 2019

කිසිවක්ම නොවේ නම්

හිත පිරුණ හැම දේම
ගලපන්න කවියකට
කවියෙක්ට වුණත් පුළුවන්ද
කොහොමත් ම කරන්නට
හද ගැඹුරේ පත්ලේම
සිතේ රැදි දේ සිතුවමට
සිත්තරෙක් වුව කොහොම
පාට ගාන්නේ නිසැකවම
අපි දකින අපි අහන
නේක දෑ අතරේම නිතර
ජීවිතේ නොවිසඳුණු අරුම
කොයිතරම් තියෙනවාද
කිසිවක්ම නොවේ නම්
නිවීමක් වී හිත නිවන
ජීවිතේ මොහොතකට
නිවී සැනසෙනු කොහොම

Monday, September 23, 2019

මගේ ජීවිතේ නුඹයි


දුවන්නට හැකියි නම් එක්වරක්
කොහේවත් නෑ ඔබ සොයා මිසක්
හිත විමසනා තරමට හුගාක්
ලියන්නට බෑ මට කව් පෙළක්

මේ ආකාසේ වැහිබරයි හුගක්
නුඹ මගේ හැගුමන් එකින් එකක්
හිත් පුරා නෑ කොහේවත් ඉඩක්
නුඹ හිදීන්නේ ආදරෙන් මහ හුගක්

සොදුරේ වැස්සට පෙම් බදිනා සිතක්
ස්නෙහයෙනි නුඹ විමසනා අරුමයක්
දුර ඈත නුඹ මම ළග දැවටෙනා සෙයක්
මගේ ජීවිතේ නුඹයි ආදරේයි මං හුගක්

Monday, August 26, 2019

ඒ නුඹයි


ජීවිතේ මග ඇසුරු සැණකදි
හීනයක් නොවී මොහොතක
මේ තරම් සොදුරුයි ආදරේ
ගෙනාවේ නුඹයි මහදට

පද පෙලින් ගලපා එකිනෙක
කවි ලියන්නේ කොහොමද
කවියක් වගෙයි ආදරේ
අරුත වූයේ නුඹයි මහදට



Saturday, August 17, 2019

ජීවිතේ බර වැඩියි ඇත්තට


දෙනෝදාහක් මැද හැම වෙලාවේ
හිත දුවන්නෙම කල්පනාවට
ගතේ දැවටෙන සිහිල් සුළගත්
මවා දෙන්නෙ පාලු හිස්කම

ලොවේ කොතැනත් ජීවිතේ මග
හිතට හුරු තැන හුදෙකලාවට
සෙමින් නැලවෙන තුරු ලතාවන්
ගෙනත් දෙන්නේ රැයේ සිතුවම

සිතින් සිතුවිලි මවා ගත්තට
හීන ඇත්තෙම ඇතිව නැතිවෙන
හිනාවක් වී මවා පෙන්නුව
ජීවිතේ බර වැඩියි ඇත්තට

ලොවේ අපමණ දෙනෙක් අතරේ
කෙනෙක් වූවත් තුටින් හිනහෙන
දරාගන්නට නොහැකි විටකදි
වැටෙන කදුළක සතුට කොතැනද


Sunday, August 11, 2019

නුඹට සිත් බැදි මගේ ප්‍රේමයයි....



දහක් තරු මල් දිලෙන අහසේ
සදක් නැති වග නෙතට මැවුණද
පුරට අවරට නොදනී රැයකට
සමන් මල් මත සුවද වෙන්නේ
දුරින් පායන සදේ එළියයි.....

හිතක් වාගේම ගැඹුරු නිසසල
දියෙක මතුපිට තඹරු පිපුණද
නොවේ වෙනසක අරුම රහසක්
නෙළුම් මල් පෙති පාට වෙන්නේ
ළහිරු ගෙනෙනා උදේ එළියයි....

පුරුදු මදනළ වෙළෙන සියොළඟ
කාත් කවුරුත් වගක් නැතිවද
මිහිරි සත්සර වැයෙන අයුරින්
තුරු ලතාවෝ වෙළාගන්නේ
සිතින් සිත් පිරි හදේ සතුටයි....

දිලෙන සදතරු පිපෙන මල් මත
පාට තවරා සිසිල් සුවදේ
හදේ වෙලෙනා සියුම් හැගුමක්
සබැදි කවියක අරුත් වෙන්නේ
නුඹට සිත් බැදි මගේ ප්රේමයයි....

අහස සමුදුර දුරක පරතෙර
ලොවම එකවර ලෙසක විමසුව
දැනී නොදැනෙනෙ තරම් නිසලව
නුඹේ නෙතු මට මග හරින්නේ
හදින් මැවෙනා අපේ ලෝකයයි....

Thursday, July 4, 2019

නුඹයි ලෝකය මගේ සම්පත



සිතින් නිරතුරු මැවෙන හීනේක
සෙනෙවන්තව ළගම දැවටෙන
වෙලි සියොළඟ සිනාවන් දෙන
නුඹයි ලෝකය මසිත නිවාලන

සෙමෙන් පිරිමැද රිදුම් නොරිදා
හදේ ගැඹුරේ රැදී සනහන
ජීවිතේ සුව සදන පැතුමක
නුඹයි ලෝකය මගේ සම්පත

දෙනෝදාහක් ළගින් දැවටෙන
ලොවේ කොතැනක කෝහේ වූවද
හදේ විකසිත ස්නේහයේ සුව
මගේ ලෝකයේ නුඹයි සදහට


Thursday, June 27, 2019

රජ වුණත් රජරටට ඉඩෝරෙක ගොවියෙක් වී කුමට

මන්දාරම් වැහි වලාවක් ආකාහේ පායනා හැම හැන්දෑවක 
ගහ කොළට මිහිකතට දැනෙනවා ඇති සතුට නැහැවෙන්න 
වැහි නොදී ඔච්චමට ආකාහේ ඇස් බැඳුම් මවනා සෙයක
වියළෙනා තුරු ඉපල් මියැදෙන්නේ හුස්ම දෙන පණ එක්ක
සා පැටව් සඳ රැහේ කුස නොපිරි අඳුරේය දෙතුන් දොහ
වෑ දියේ පතුලටම සිඳුණු දිය ඉරි ඇඳුනු ගෙත්තමක් ඉරුණ
යල මහට සරු සරින් නිල්ල වූ කාලයක් අමතකව හිඳින
බත් දුන්න බත් කුඹුර පැන් නැතිව පිපාසිතයි තවම
ඉර නැගෙන ඉර මුදුන අවරගිර තුන් කල්හි නොම වෙනස
ඇස ගැටෙන හැම තැනෙක දුලී දුම් වේය සිතුවම් ඇඳෙන
සුදෝ සුදු කිරි කොකුන් රිව් රැසින් පීඩිතව අකුරට හඬන
දුෂ්කරම ක්‍රියාවක් වගෙයි ජිවිතය සංසාරේ බර අදින
පෙරදිගට මුතු ඇටය විය භව බෝග සහලින් පිරුණ
මහසේන පැරකුම්ය ගැමුණු රජු දෙවියනි කීමැයි මෙ’නපුර
ජය සිරිමා බෝධියෙන් බැතිබරව ගිලිහි සුළඟට වැටෙන
තිසා වැව කොහොම පිළිගන්නෙ බෝ පතක් නහව
පෙරහරේ වඩම්මන කරඬුවේ බර දන්නේ ඇත් කුලේ වාගේම
මහපොළවේ ගැටී ගැටී බත සදන රජෙක් කිරුළක් නොලද
ආකහේ දුක සතුට හැම වෙනසටම හිස නමා ගරු කරන
රජ වුණත් රජරටට ඉඩෝරෙක ගොවියෙක් වී කුමට

Sunday, June 9, 2019

ජීවීතේ මෙයැයි' ද



ආකාහේ අළුපාට
වගේ හිත පිරීලා බෝම
වැහිවලාවක් සේ විටෙක
ඇද හැලේවිදෝ හිතේ මට

මහපොළොව වගේ දරාන
හුස්ම ගන්නා හැමෝම
ජීවීතේ මෙයැයි කියන්නේ
හොද හිනාවක් මවාන

කදුළු එන්නට ඕනීම නෑ
හඩා වැටෙනා වෙලාවට
වැහි වලාකුළු තුළ දිලෙන්නේ
අකාසේ දුක සගවලා හිනාව