Wednesday, January 17, 2018

නියම කළ කටයුත්ත අහවරව සුළඟක් කියයි

ඉස්සරම දවස් වල හිමින් හිත පිරි මැදපු
මතකයත් අරන් යලි  විටින් විට ලුහු බැදපු
සමුඅරන් එන්න අවසර කාලයයි මග  කියපු
හද සුසුම් කුමකටද බැදීමක් නැත සදාකල් දිනපු

පුරුද්දට වගෙ හැමදාම මග බලනා පමාවෙන් 
දුරින් දුර උණත් ගියේ නොකියා බෑ නිසාවෙන්
අද හෙටත් මේ ගෙවෙන නැකත් මහ දුරුත්තෙන්
වසත් මල පිපෙනවා තව පුරා පැය කිහිපයෙන්

නියම කළ කටයුත්ත අහවරයි මං ආවාට එහෙන්
දනී සිත් රිදෙන බැව් ඇස් පිරෙණ කදුළක  සරින්
හිනාවෙන නෙතු ඇගේ කියන්නෙම සතුටක් නිතින්
අද විතරමයි හෙට ඇගෙයි ඔහු සැමදාට ලෝ දමෙන්

හිනා වෙන හිතක් ළග සුළග පවන් සලනා පරිද්දෙන්
වැලපෙනා නෙතු මතද දැවටෙන්නේ සුළගම ස්නේහයෙන්
හිමි අහිම් කිසිත් නෑ සදා  සොබාදම් නියමයෙන්
ජීවීතේ එහෙමයි සිනාසෙන්  ළබැදියේ  ආදරේ නාමයෙන්



Friday, January 5, 2018



කුරුල්ලෝ උඹ
මහ හුගක් උස
ගහේ අත්තක උඩට නැග
කියන්නෙම මට උඩට එන්නට
ඉස්සරම දවසක මමත් 
ඔය තරම් උඩ තවත් උඩ 
මගෙ හිතේ බිම 
නොපෙනෙනා තරමට
උන්නූ හැටි මට මතක් 
වෙද්දිම 
වැටෙනවා මම වැටෙනවා
ආයේ ආයේමත් බිම
බලන්නත් බය හිතයි උඩ 
කොයිතරම් ලස්සන 
වර ගැන්නුවත් උඹ
පිළිගන්නෙම මං 
මාව අතෑරුණු වග
උස්ම උස අත්තකින් 
මියැදෙන්න හැමදාටම
ඉතිං මැරුණු මං කොහොම 
ආයේමත් ඉපදෙන්නේ
උඹ ඔහොම බලාගෙන උන්නට

Tuesday, January 2, 2018

නික්මෙන්න පෙර

දැන් ඉතිරි ටික දොහයි
ආයෙමත් බැරි වෙයි එන්ට
ජීවීතෙන් කොහොම මුත්
වෙලාවයි නික්මෙන්න
කිව්ව විදිහටම උන්
දෙතුන් දොහොකට මිසම
මං ගියේ කියලම එන්න
අපේ නෑකම් ඔක්කොම
සුරපුරක් ළග තබා යන වග
පරිස්සම් කොට නික්ම
මහ විසල් කුළුණු මන්දිර
අර පෙනෙන
සුරපුරක් හෙට කොළඹ
අකමැතිලු හිනාවෙනවට
දූලී කළුපාට මූණූ රැළි වැටුණ
ඒත් අපි හුස්ම ගන්නෙත්
මේ හුළගේම වග
අමතක වෙලා හැමෝටම