Saturday, December 30, 2017
Friday, December 15, 2017
සබදේ උඹ මට දෙන්නේ හිනාවක අරුමේ
වියලි කොල අතු ඉපල් සුළගේ වැනෙනා දාක
මහා කළු මේඝ විත් ලොවම කළුවර රෑක
පෙළින් පෙළ ලිහිණියන් වැහි ගෙනා දාක
මට උබව හම්බුණේ හංදියෙදි මහ රෑක
මහා කළු මේඝ විත් ලොවම කළුවර රෑක
පෙළින් පෙළ ලිහිණියන් වැහි ගෙනා දාක
මට උබව හම්බුණේ හංදියෙදි මහ රෑක
සීතලට ගුලි වෙලා පිනි වැටුණ උඹෙ මූණ
තුරුළු කර මට හිතුණා සිප ගන්න මහ රෑම
විටින් විට ගැහි ගැහි හැංගෙන්න බැලු මාන
බලා ඉඳ බැරිව මං පෑවේ වැස්සෙමයි දෝත
තුරුළු කර මට හිතුණා සිප ගන්න මහ රෑම
විටින් විට ගැහි ගැහි හැංගෙන්න බැලු මාන
බලා ඉඳ බැරිව මං පෑවේ වැස්සෙමයි දෝත
ගෙදර මට කියා තිබු මගේ මුළු ලෝකයම
උඹ ඇවිත් අරක් ගත්තා අහන්නෙත් නැතිවම
ඉද හිටක පා පිස්සෙ ලණු කැරළි ඔක්කොම
ඉර ඉරා උඹ නැටුවා පොඩි කාලේ තිස්සෙම
උඹ ඇවිත් අරක් ගත්තා අහන්නෙත් නැතිවම
ඉද හිටක පා පිස්සෙ ලණු කැරළි ඔක්කොම
ඉර ඉරා උඹ නැටුවා පොඩි කාලේ තිස්සෙම
ගේ පුරා අතු ගාපු මවිල් උඹෙ හැම තැනම
කෑ ගහලා දොස් තියන අම්මා විටකදි සැරම
දැවටිලා පය ගාව ආදරෙන් හැමදාට එක් වරම
උඹ ඇවිත් හැංගුණේ මං ගාව ලෙංගතු ලෙසම
කෑ ගහලා දොස් තියන අම්මා විටකදි සැරම
දැවටිලා පය ගාව ආදරෙන් හැමදාට එක් වරම
උඹ ඇවිත් හැංගුණේ මං ගාව ලෙංගතු ලෙසම
මග දිගට හැම උදයේ පිටුපසින් හොර බැල්මේ
උඹ එන්නේ මා එක්ක එලවද්දී දිව හැල්මේ
දුව ඇවිත් වැළඳගෙන හවසටත් එක පිම්මේ
සබදේ උඹ මට දෙන්නේ හිනාවක අරුමේ
උඹ එන්නේ මා එක්ක එලවද්දී දිව හැල්මේ
දුව ඇවිත් වැළඳගෙන හවසටත් එක පිම්මේ
සබදේ උඹ මට දෙන්නේ හිනාවක අරුමේ
Friday, October 20, 2017
බසය නුඹ පණ ගන්නේ වියලි මගෙ කදුළු කැට....
ඔච්චමට වගෙ
ඇවිත් හැමදාම නෙත් ඉදිරියට
නලා හඩ නගන්නේ මං එන්නෙ නැති රථයට
දැන දැනම අතර මග නවත්වපු බැව් සරදමට
මං ඔහේ ගොඩ වුණා හඳපාන්ගොඩ බසයට
අහම්බෙන් මුත් මොකද මග දිගට පෝලිමේ
වෙනදටත් වඩා වැඩි රථ තුන්මුල්ල රවුමේ
මග සොයා හරවද්දී ඉක්මනින් මෙල් මායිමේ
ඇස් දෙකම පියවුණා නොපෙනෙන්න ජීවීතේ
ඉස්සරම දවස් වගෙමයි තාමත් මග ලකුණු
හොය හොයා ඇස් දුවන්නෙම පෙම් පිරුණු
දැන් කොහිද විමසද්දි එකින් එක නුඹ කී කරුණු
හැමතැනම හිනහුණා ඇදිනගෙන වගෙ තිබුණූ
මං යනවා දැන ගෙනද නොකිවත් හොර රහසේ
බස් එකත් ඔහෙ යනවා මගෙ මතක පස්සේ
බොරැල්ලෙන් පහුවෙලා කොස්වත්ත ඔස්සේ
කෙටි මගක් සොයා ගෙන හැරවුණා රිසිසේ
හීනයක් වගෙමයි කොහුවලට හරවද්දී
මතකයිද නෙතු ඇහුවා කඩ පෙලක් පහුවෙද්දී
මැවී මැවී හිල්ලුණා නුගේගොඩ බෝ සමිදු පේද්දී
මතකයට ආවේම අතීතය හමුවුණා ගොම්මනෙදී
කළුවර ඇවිදින් නික්මුණත් හිරු අහසින්
දැනුණේම නෑ අදුරුයි ලෝකයම එසැණින්
හැම තැනම පුරුදුයි අදත් කිවි දාය දවසින්
නුඹත් දැන් මගැති සිතුණා ගෙදර එන විගසින්
කොළ හැලී දළු දාන මීපේ බෝධීයේ අතු රිකිළී
ගැස්සුනා මං ඈතින් දකිද්දීම හිත ඇවිලී
හැමදාම සිතියමක ආ නමුත් මග දිගට පැටළී
නුඹ එක්ක ඇදි සිතුවමක ඇත තාම දූලී බැදිළී
ලස්සනම හීනයක් විය ජීවීතය හැඩ කරපු
තව දුරට යන්න බෑ මතකයන් බොද කරපු
එකොළහක යොදුන් දුර ඉස්සරම අපි ගියපු
ඇය ඉන්නවා අද මං අහුරාන තුටින් පිය නගපු
මහ හුගක් පැතුම් මල් කැකුළු විය පිපෙන්නට
වසන්තය ඇස් බැන්දා ගිම්හාන සෘතුවට
එකින් එක පුංචි මල් මිලින වී රස්නෙට
මියදුනේ දුක් කදුළු බැරිතැනම උහුලන්ට
හෙටත් අද පුරුදු ලෙස හැමදාම හවසට
මං එන්නේ නික්මෙන්න තකහනියෙ නිවසට
හදිසියෙන් වගෙ ඇවිත් හෙටත් නෙත් මානේට
බසය නුඹ පණ ගන්නේ වියලි මගෙ කදුළු කැට
තවත් දුර යන්න තියෙනවා යනවනම් නැවතුමට
මග දිගේ නුඹ කියූ පුරුදු මං ලකුණු එමට
අර පෙනෙන වක් ඔයේ දිය ආදරේ කදුළු කැට
හිත කීවේ බහිද්දියි හදිසියෙම මීපේ දි මට
නලා හඩ නගන්නේ මං එන්නෙ නැති රථයට
දැන දැනම අතර මග නවත්වපු බැව් සරදමට
මං ඔහේ ගොඩ වුණා හඳපාන්ගොඩ බසයට
අහම්බෙන් මුත් මොකද මග දිගට පෝලිමේ
වෙනදටත් වඩා වැඩි රථ තුන්මුල්ල රවුමේ
මග සොයා හරවද්දී ඉක්මනින් මෙල් මායිමේ
ඇස් දෙකම පියවුණා නොපෙනෙන්න ජීවීතේ
ඉස්සරම දවස් වගෙමයි තාමත් මග ලකුණු
හොය හොයා ඇස් දුවන්නෙම පෙම් පිරුණු
දැන් කොහිද විමසද්දි එකින් එක නුඹ කී කරුණු
හැමතැනම හිනහුණා ඇදිනගෙන වගෙ තිබුණූ
මං යනවා දැන ගෙනද නොකිවත් හොර රහසේ
බස් එකත් ඔහෙ යනවා මගෙ මතක පස්සේ
බොරැල්ලෙන් පහුවෙලා කොස්වත්ත ඔස්සේ
කෙටි මගක් සොයා ගෙන හැරවුණා රිසිසේ
හීනයක් වගෙමයි කොහුවලට හරවද්දී
මතකයිද නෙතු ඇහුවා කඩ පෙලක් පහුවෙද්දී
මැවී මැවී හිල්ලුණා නුගේගොඩ බෝ සමිදු පේද්දී
මතකයට ආවේම අතීතය හමුවුණා ගොම්මනෙදී
කළුවර ඇවිදින් නික්මුණත් හිරු අහසින්
දැනුණේම නෑ අදුරුයි ලෝකයම එසැණින්
හැම තැනම පුරුදුයි අදත් කිවි දාය දවසින්
නුඹත් දැන් මගැති සිතුණා ගෙදර එන විගසින්
කොළ හැලී දළු දාන මීපේ බෝධීයේ අතු රිකිළී
ගැස්සුනා මං ඈතින් දකිද්දීම හිත ඇවිලී
හැමදාම සිතියමක ආ නමුත් මග දිගට පැටළී
නුඹ එක්ක ඇදි සිතුවමක ඇත තාම දූලී බැදිළී
ලස්සනම හීනයක් විය ජීවීතය හැඩ කරපු
තව දුරට යන්න බෑ මතකයන් බොද කරපු
එකොළහක යොදුන් දුර ඉස්සරම අපි ගියපු
ඇය ඉන්නවා අද මං අහුරාන තුටින් පිය නගපු
මහ හුගක් පැතුම් මල් කැකුළු විය පිපෙන්නට
වසන්තය ඇස් බැන්දා ගිම්හාන සෘතුවට
එකින් එක පුංචි මල් මිලින වී රස්නෙට
මියදුනේ දුක් කදුළු බැරිතැනම උහුලන්ට
හෙටත් අද පුරුදු ලෙස හැමදාම හවසට
මං එන්නේ නික්මෙන්න තකහනියෙ නිවසට
හදිසියෙන් වගෙ ඇවිත් හෙටත් නෙත් මානේට
බසය නුඹ පණ ගන්නේ වියලි මගෙ කදුළු කැට
තවත් දුර යන්න තියෙනවා යනවනම් නැවතුමට
මග දිගේ නුඹ කියූ පුරුදු මං ලකුණු එමට
අර පෙනෙන වක් ඔයේ දිය ආදරේ කදුළු කැට
හිත කීවේ බහිද්දියි හදිසියෙම මීපේ දි මට
Friday, September 8, 2017
මේ අන්තිම කවිය
කවිය හැමදාම
බලාපොරොත්තුවක්
සිතුවිලි වලට
හිත රුවා තෙරපෙන,
දිනෙක ජීවිතය සොයා දුන්.... මට
බලාපොරොත්තුවක්
සිතුවිලි වලට
හිත රුවා තෙරපෙන,
දිනෙක ජීවිතය සොයා දුන්.... මට
සිතන්නත් කලියෙන්ම
නොකියාම
පද ගෙත්තම් කරන
සදුට කවි ලියූ මං
සද අයිති අහසටයි
නොවටහගෙන
නොකියාම
පද ගෙත්තම් කරන
සදුට කවි ලියූ මං
සද අයිති අහසටයි
නොවටහගෙන
හදේ ගැඹුරින්ම නැගුණ
සොදුරු හැගුමන් අතර
ලස්සනම පද මමත්
නොදන්නෙමි
කොහොම ගැලපුනිදැයි
නුඹ අපි ගැනම
සොදුරු හැගුමන් අතර
ලස්සනම පද මමත්
නොදන්නෙමි
කොහොම ගැලපුනිදැයි
නුඹ අපි ගැනම
ඇස් කදුළු පිරුණාට
උහුලන්න බැරි තැනම
අඩන්නෙත් කොහොම
මගෙ නොවේ දැන දැනම
උහුලන්න බැරි තැනම
අඩන්නෙත් කොහොම
මගෙ නොවේ දැන දැනම
මියදෙන්න සිතයි මට
හැංගිලා මුළු ලොවට
නුඹ ඇවිත් කියාදුන්නේ
ජීවත් වෙන්න
හීනයක් පියවර
ඉහළටම යන්න
අතරමග නවතින්නේ කොහොම
ඒතරම් දයාබරව කියාදුන් හීන
ලොකයක් මගෙන් ජීවිතේ හොයනකොට
හැංගිලා මුළු ලොවට
නුඹ ඇවිත් කියාදුන්නේ
ජීවත් වෙන්න
හීනයක් පියවර
ඉහළටම යන්න
අතරමග නවතින්නේ කොහොම
ඒතරම් දයාබරව කියාදුන් හීන
ලොකයක් මගෙන් ජීවිතේ හොයනකොට
මහා ලොකු වචන එක්ක
ගැලපීම් කලාට අරුත්බර
නොදන්නෙමි
ආදරය කියන්නේ මොකක්ද
මට දැනුනේ නුඹයි
මගේ ජීවිතේ හුස්ම
ගැලපීම් කලාට අරුත්බර
නොදන්නෙමි
ආදරය කියන්නේ මොකක්ද
මට දැනුනේ නුඹයි
මගේ ජීවිතේ හුස්ම
හැමදාම සිතුවිලි ආසිරි
නුඹ ගැනම මට දැනෙන
සිහිනයකවත් නෑ
අහිතක් නුඹ ගියත් දුරට
නුඹ ගැන මටම
නුඹ ගැනම මට දැනෙන
සිහිනයකවත් නෑ
අහිතක් නුඹ ගියත් දුරට
නුඹ ගැන මටම
මහාකලු ගලක් වගේ
මොනවත්ම නොකියාම
හිස්ම හිස් නිහැඬියාවක
නුඹ උනත් බලා ඉන්නැති
මං නවතින්නේ කවදාද
ඒත් මට හිතුණේම නෑ
ඒ නිහඬ බව කුමක්ද
මං ආස වුණේ හිත පැතුම්
මල් පිපෙන්න
මොනවත්ම නොකියාම
හිස්ම හිස් නිහැඬියාවක
නුඹ උනත් බලා ඉන්නැති
මං නවතින්නේ කවදාද
ඒත් මට හිතුණේම නෑ
ඒ නිහඬ බව කුමක්ද
මං ආස වුණේ හිත පැතුම්
මල් පිපෙන්න
සංසාරේ කොහේහරි තැනක
අපි අපිට හුරු ඇති අතීතෙක
ඒත්
මට බැරිවෙන්නැති හරියටම
පාරමි පුරන්න
ඉතිං මං නවතිමි.
.
.
සද අයිති අහසටයි හදවතින්
පිළිගෙන !
අපි අපිට හුරු ඇති අතීතෙක
ඒත්
මට බැරිවෙන්නැති හරියටම
පාරමි පුරන්න
ඉතිං මං නවතිමි.
.
.
සද අයිති අහසටයි හදවතින්
පිළිගෙන !
කොහේහරි නැවතුමක මාවත්
නවතාවී ජිවිතේ
නුඹ නැවතුනා වාගෙම
දවසක
නවතාවී ජිවිතේ
නුඹ නැවතුනා වාගෙම
දවසක
අහම්බෙන් නුඹ හමුවූ දා සිටම
සිතුවිල්ලකින් වත් නොබිදුන
නුඹ විතරක්ම වුණ
මගෙ හැගුම් සියල්ලම
එකතු කර
ප්‍රාර්ථනා කරමි මං
එකම එක පැතුමක්...!
සිතුවිල්ලකින් වත් නොබිදුන
නුඹ විතරක්ම වුණ
මගෙ හැගුම් සියල්ලම
එකතු කර
ප්‍රාර්ථනා කරමි මං
එකම එක පැතුමක්...!
සංසාර චාරිකාවේ මතුදාක
ආයෙමත් හමුවෙන්න
සුපුරුදු ලෙසම
වෙන කාටවත් නුඹ
හිමි නැත්නම් විතරක්ම
මගෙ වෙලා මගෙන්
නික්මෙන්න නෙමේ
නුඹ එක්ක ජීවිතේ
හුස්මක් ගන්න සදහටම
ආයෙමත් හමුවෙන්න
සුපුරුදු ලෙසම
වෙන කාටවත් නුඹ
හිමි නැත්නම් විතරක්ම
මගෙ වෙලා මගෙන්
නික්මෙන්න නෙමේ
නුඹ එක්ක ජීවිතේ
හුස්මක් ගන්න සදහටම
ඒක එකම එක පුංචි පැතුමක් !
තවත් මං ගොතන පද එක්ක
දැන දැනම නුඹ අහිමි බව මටම
අතරමං වෙනවා මං
ඒත් මං දන්නේ නෑ නුඹ අතැර
කවියක් ලියන්න තවම
දැන දැනම නුඹ අහිමි බව මටම
අතරමං වෙනවා මං
ඒත් මං දන්නේ නෑ නුඹ අතැර
කවියක් ලියන්න තවම
ගෙවුණු හැම නිමේෂයකම
දැනෙද්දී නුඹ දුරයි මොහොතින් මොහොත
ලෝකයම මා අතැර බලා ඉද්දිත් මදෙස
නුඹ මත්තෙම නැහෙන්න
හිත කීවේ මගෙයි නුඹ තවම මට
ඉතිං මේ අන්තිම කවිය
අපි ගැන මං ගලපන
දැනෙද්දී නුඹ දුරයි මොහොතින් මොහොත
ලෝකයම මා අතැර බලා ඉද්දිත් මදෙස
නුඹ මත්තෙම නැහෙන්න
හිත කීවේ මගෙයි නුඹ තවම මට
ඉතිං මේ අන්තිම කවිය
අපි ගැන මං ගලපන
මේ තරම් පැහැදිලිව
උන්නා නම් දැනගෙන
කාටවත් නෙමෙයි නුඹෙන්
මං හුගක් දුර ගිලිහිලා වග
නවතිනවා කලියෙන්ම
සමාවෙන්න මට
මගේ නොවේ බව නොදැන
දුර ආවේ විටින් විට කරදරයක්ව
උන්නා නම් දැනගෙන
කාටවත් නෙමෙයි නුඹෙන්
මං හුගක් දුර ගිලිහිලා වග
නවතිනවා කලියෙන්ම
සමාවෙන්න මට
මගේ නොවේ බව නොදැන
දුර ආවේ විටින් විට කරදරයක්ව
මේ නැවතුම මට විතරක්ම නෙමෙයි
සිතුවිලි එක්ක මං අතරමං කරන
කවිය නුඹටත් එක්ක
සිතුවිලි එක්ක මං අතරමං කරන
කවිය නුඹටත් එක්ක
මම නුඹ අපි හැමදාම
පෙම් බැන්දේ කවියට
කවිය අපි හැදිනෙව්වේ
අහම්බෙන් දවසක
පෙම් බැන්දේ කවියට
කවිය අපි හැදිනෙව්වේ
අහම්බෙන් දවසක
නොදනිමි කොහොම ගලපන්න
කවියක් තවම
හිතෙන්නෙම අපි ගැන
ලියන හැම අකුරක දුක තියෙන
කවියක් තවම
හිතෙන්නෙම අපි ගැන
ලියන හැම අකුරක දුක තියෙන
ආයෙමත් දවසක හිනාවෙන්න
හිතුණාම මටම
මේ වසන්තය සොදුරු
මතකයක් විතරක්ම කර
හොයාගන්නකම් උඹව
නික්මියන් පන්හිදේ....
හද පිරුණ සිතුවිලි
මගෙන් අරගෙන
අපි දෙන්නටම සතුටින් ඉන්න
හිතුණාම මටම
මේ වසන්තය සොදුරු
මතකයක් විතරක්ම කර
හොයාගන්නකම් උඹව
නික්මියන් පන්හිදේ....
හද පිරුණ සිතුවිලි
මගෙන් අරගෙන
අපි දෙන්නටම සතුටින් ඉන්න
ඉතිං මේ අන්තිම කවිය.
...............................
...............................
Monday, August 28, 2017
පිළිතුරක් නොලද්දෙමි..
.............................
නැවතුම
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
තව ඇත
????????????????
මොකක්ද
" " " " " " " " " " " "
කියුවක් කවුරුහරි
!!!!!!!!!!!!!!!!!!!!!!!
ආශිර්වාදයක්
හැමදේටම තියෙද්දී
වටහාගැනීමක්
මේ මුකුත්ම නැති
හිස් බව
කුමක් සේ දකිම්ද
ඇත්තටම ඒ නිහඩියාව
"ඔව්" ද නැත්නම් "බැහැද"
එහෙමත්ම නැත්නම්
"හා"ද "එපාද"
වටහාගන්නේ කෙසේද
"නිහඩබව" පිළිතුරට
බහුවරණ මොනවත් තියේද
වෙන මොනවටවත් නෙමෙයි
තේරුම් ගන්න
ඔව් නැහැ පිළිතුර
ප්‍රශ්නයකට
Sunday, August 27, 2017
තනියම
එදා
හිත කිව්වේ
මේ වසන්තය
විභාගෙට
අද
හිත කිව්වේ
මේ ගිම්හානය
විභාගෙට
වෙනස
මුකුත්ම නෙමෙයි
හිත දැනන් උන්නේ
එදා නුඹ මං ළග
අද මං උඹ ළග
ඒත්
අද වගෙම එදත් මං
උඹ ළගයි හැමදාම
හිත කිව්වේ
මේ වසන්තය
විභාගෙට
අද
හිත කිව්වේ
මේ ගිම්හානය
විභාගෙට
වෙනස
මුකුත්ම නෙමෙයි
හිත දැනන් උන්නේ
එදා නුඹ මං ළග
අද මං උඹ ළග
ඒත්
අද වගෙම එදත් මං
උඹ ළගයි හැමදාම
Friday, August 25, 2017
Tuesday, August 22, 2017
.................!
ඒත් මං තවමත් මෙතන
හිත ගිහින් නිවන ළග
මම තාම සොහොන මත
විලංගු ලා බැදීම් සමග
තවම හිත එකම තැන
මහා අපුරුවට පෙනෙන
ජීවිතේ සිතුවම් අතර
නෙතු මුකුත් නොබලාම
හිස්ම හිස් නිහැඬියාවක
හාත්පස ඇසෙන
සමච්චල් වදන ළග
නිරතුරුව වාද දෙන
අලුත් බැමි බැදීම් ළග
අල්පයක් වත් නොදැනෙන
"සතුට"
කුසලයට උගස් කර
නික්මෙන්න කියන්නේ
හිත නිතර නිරන්තර
Sunday, August 20, 2017
හිරු රහසේ කියාදුන්නු ආදරය ද මේ....
“ආදරය” හරියටම නිර්වචනයක් දෙන්න නොහැකි හැඟීමක්.ඒත්
අපි කාගේ කාගේත් හදවතට දැනෙන හැඟීමක්.වයස, කාලය
තරාතිරම වෙනසක් නැතිව දැනෙන හැඟීමක්. ඒ ආදරණිය හැඟීම
ජිවිතයට දැනුනම මිනිස්සු ආදරය ඇතුලේ අතරමං වෙනවා. ජීවිතයේ අවධීන් දිනයකට සමාරුප කරන්න
හැකිනම් හැන්දෑව කියන්නේ තුරුණු විය ඉක්ම ගිය කාලයයි. “ගිමන් හරින දියඹ, සුසුම්
හෙලන වෙරළ ඉම” ජිවිතයේ තුරුණු විය ඉක්ම ගිය බව
පසක් කරයි.හිරු බැස යමින් සිටියි.බැස යන හිරු රහසින්
සඳට නැගෙන්නට ආරධනා කරයි. ආදරය ළඟ හැමදාම සාහිත්‍ය නැවතුනේ සඳ
ළඟ වගේම සඳ ආදරයෙන් අහස පුරාම රටා මවනවා.හිත පුරාම ආදරණිය
සිතුවිලි සෙමින් සෙමින් මැවෙනවා. ඒ කොයි තරම්ද යත්
දිනෙන් දින සඳ කලාවන් පුරනවා වගෙයි අඩැසි සඳ රටා මවන්නේ එලිය දී
පායන්න ආකසේට.ඒ වගේම ආදරයත් සිත තුල මොහොතින්
මොහොත දැනෙනවා.
හින අපේක්ෂා
හැමකෙනේක්ගේම සිත් තුල ආදරය එක්ක බැදිලා තියෙනවා.තුරුණු
වියේ ආදරණීය හැඟීම් එක්ක අපි කවුරුත් හිතින් රූප මවනවා නෙතින් දකින්නට. සිතින් හැමදාම ප්‍රර්ථනා කරපු,නෙතින්
දකින්න ප්‍රිය කරපු, හදවතට දැනුණ ආදරය ළග කෙනෙක්ට
මියදෙන්නත් පුළුවන්.බැහැල යන හිරු රහසේම කිව්වේ මේ දැනෙන
ආදරය ගැනමද.හිරු බැස ගියාට හිතට දැනෙන්නේ ආදරයයි.ඒත් ජිවිතයෙන් පරිණත හිත ළඟ මේ දැනෙන්නෙත් මුළු හිතින්ම ප්‍රර්ථනා
කරපු ඒ ආදරයමයි.ඇත්තටම ආදරයට වයසක් මොකටද? හදවතට දැනෙනවානම්. ඒ ආදරය ළඟ ජිවිතේ
තියෙනවා නම්. හිරු කියන්න ඇත්තේ රහසින්
ඒකයි. හිරු කවුරුවත් නොවෙයි වයසින් විතරක්ම තුරුණු විය ඉක්මුණු
හිතමයි.
“නිල්
කටරොළු නිල” නිකම්ම නිකම් කටරොළු මලක්ම
නෙමෙයි නිල් පාටින් නැහැහුන මුදු සුවදින් නැහැවුන
කටරොළු මලක්.ඒවගේම ආදරයක් ළඟ ආදරය විදින්න පෙම්වතෙකුගේ
සිතෙහි තියෙන බලාපොරොත්තුවක්. මේ දැනෙන්නේ ඒ ආදරයද? සිතින් විතරක්ම වින්ද ඒ ආදරයද? නුඹ
රහසින් කියාදුන්නේ ඒ ආදරයද? මට හිතෙන්නේ තවමත්
ආදරය ගැන සිතින්ම විමසනවා කියලයි.
හිරු රහසින්
සඳට ඇරයුම් කළාම සඳ රටා මවනවා ආනන්දයෙන්. ඒවගේමයි නුඹත් රහසින්
කිව්වා.රහසේම මට කියලා දුන්නා. ඇත්තටම ඒ හැමදේම මේ දැනෙන ආදරයද? ගිමන්
හරින මේ ජ්විතේ රහසින් ඇරයුම් කරපු රහසින් කියාදුන්නේ හැඟීම ළඟ නවතින්න හිතෙනවා, ඒත්
ආදරයට නිර්වචනයක් දෙන්න බෑ හදවතටම දැනෙන මේ හැඟීම ආදරයද?
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා...
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා...
හිත් දැහැනේ වෙලි තිබුණු
නෙත් දෑලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ...
නෙත් දෑලේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ...
හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ...
නිල් කටරොළු නිල නැහැවුණු
මල් බර මුදු සුව රැඳවුණු
තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ…
මල් බර මුදු සුව රැඳවුණු
තොල් පෙති කල් හඬගාලන ආදරයද මේ...
නුඹ රහසේ කියාදුන්නු ආදරයද මේ…
පද රචනය -ජානක සිරිවර්ධන
සංගීතය - අරුණ ගුණවර්ධන
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේව
සංගීතය - අරුණ ගුණවර්ධන
ගායනය - පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේව
පෙර සසරේ පැතුමක් වී අපි වෙන්ව ඇති..
දේදුනු රටා මල් ඉහිරුණ සුවඳ දැනී
සුළඟක් ලෙසින් පාවී මුදු මිහිර විඳි
පහනක් නොවෙයි හද කළුවර එලිය මැවී
කවියක් වගෙයි රුපක මට මවනු බැරී
සහසක් සොවින් ලතැවුල් සිත සිනා සිසි
අහසක් උසට වියමන් වූ සිහින සැදී
පියුමක් වගෙයි මගේ ලෝකයේ පැතුම් පිරි
රහසක් නොවයි පෙම් ගීතය මැකී නැති
ස්නේහය පිරුණු දෙනුවන් නීති පෙමින් වේලි
නොවෙනස් සිතුම් නොදනී නුඹ සිතින් මැවී
පෙර සසරේ පැතුමක් වී අපි වෙන්ව ඇතී
මං විතරක් ආදරයෙන් තාමත් මග බලා සිටි
ප්‍රේමය
“මට මේ තරම්
දැනෙද්දිත්.ඇයි ඔයාට මාව දැනෙන්නේ නැත්තේ” කෙනෙක්
මගෙන් අහනවා. කොහොම පිළිතුරු දෙන්නද තාමත් මං මගෙන්ම අහද්දිත් ඒ දේම. ඇත්තටම
ඔයාට මොහොතකටවත් දැනෙනවද මාව? මං අහනවා මගෙන්ම. ජිවිතේ
හරිම පුදුමයි. ජිවිතේ සුන්දර බලාපොරොත්තුව අපි ප්‍රේමය
නමින් අරුත් ගන්වනවා.ඒත් ඇත්තටම ප්‍රේමය කුමක්ද? මටත් හමුවෙලා ඇති. ඔබටත් හමුවෙලා
ඇති.අපිටත් හමුවෙලා ඇති.ඒත් ඒ ප්‍රේමයමද? මං දන්නේ නෑ හරියටම. හදුනාගන්න කොහොමද
කියලා දන්නවා ඇතිද? කවුරුත්ම.
ගස් වල මල් පිපි
ඵල දරා සොබාදහම සුන්දර වෙනවා.මිහිතලය මත නොයෙක් සුවදින් මල් පිපෙද්දී සොබාදහමට
වසන්තය ඇවිත් අපි හිතනවා. ඒත් ඒ සොබාදහමට
ලස්සන කරන ගසක මුල් අපි කවුරුත් දකින්නේ නෑ.ඇත්තටම මතුපිටට පෙනෙන්නේ
නෑ. ජීවිතෙත් හරියට එවගෙයි. ගස් වල මල් පිපෙද්දී වසන්තය උදාවෙලා කියන්නා වගේම ප්‍රේමය
ජිවිතයට වසන්තය අරන් එනවා කවුරුත් කියනවා.ඒත් ඒ ප්‍රේමයමද? ගසට ජිවය දෙන මුල්
කාටවත් නොපෙනනවා වගේම ජිවිතයට ජිවය දෙන්නෙත් ප්‍රේමයයි. ජීවිතය ජිවත් කරවන
බලාපොරොත්තුව ප්‍රේමයයි.වස්සානයේ මල් පිපි ඵල දරන්න ගස සිහිනයක් දකින්නා සේම ප්‍රේමය
විසින් ජිවිතයට සිහිනයන් හදවත තුල නිර්මාණය කරවනවා කාටවත් නොපෙනෙන්න.ඒත් හදවතට
විතරක් දැනෙන්න මුළු ලෝකයම තමන් ළඟ බව.ප්‍රේමය සොබාදහම ට සමීපයි.
හදවතේ ගැඹුරටම
දැනෙන හැඟීම ප්‍රේමය අපි කාට කාටත් දැනිලා ඇති. විලක,දොළක, ගඟක වෙනසක් නෑ දිය
ගලාගෙන ගියත් රැදී කෙත්වතු සාරකළත් ජිවය දෙන්නේ උල්පතයි. දියෙහිම වැඩි විල්තෙර මත
පියුමක්ව දහසක් නෙළුම් පිපුණත් සැමටම ජිවය සාදන්නේ උල්පතයි. ජීවිතෙත් හරියට ඒවගෙයි.ජිවිතේට
ජිවය දෙන්නේ ප්‍රේමයයි.සිනහව, කඳුළ, ජයග්‍රහණ, අහියෝග හැමදෙයක්ම ජිවිතේට සොඳුරු
අත්දැකීම්. ඒත් ඒ හැමදේම අතරේ අපිට ප්‍රේමය හමුවෙලා ඇති.සියපතක් විල් දිය මත
පිපෙන්නා සේම අපි හැමෝමත් ජිවිතේ කියන
විල්තෙර මත ලස්සන සියපතක් වෙලා පිපිලා ඇති. එහෙම ලස්සනට මල් පිපෙද්දීත් උල්පත
නිහඩයි වගේම ජිවිතයට වසන්තය කැන්දන ප්‍රේමණිය බලාපොරොත්තුව අපේ හදවත් තුල නිහඬවම
නැවතිලා ඇති අපි දන්නවා වුණත් නොදන්නවා වුණාත්.
ඉතිං කොහොම
පිළිතුරු දෙන්නද? හදවතට දැනෙන්නේ නැත්නම්, මම දන්නේ එකම එක දෙයයි. “ඇත්තටම මට හිතුණේ
නෑ.දැනෙන්නේ නෑ” හදවතට දැනුනානම් මං දෙපාරක් නොහිතම නුඹ ලඟින් නවතියි.ප්‍රේමය
කියන්නේ මොකක්ද? මං දන්නේ නෑ.ඒත් හදවත කියන්නේ ඒ දේනම් ජිවිතයට දැනෙන්නේ ඒ දේනම්
ප්‍රේමය කියන්නේ ඒකට වෙන්න ඇති.ඒත් හැමෝම කතා කරන “ප්‍රේමය”
හදුනාගත් කෙනක් නැතිව ඇති.ප්‍රේමය හදවතට දැනෙන ආදරණීය හැඟීමක් මාත් හරියටම දන්නේ
නැති.
ප්‍රේමය
ලොව හැම තැනම ඇතී
හැමදෙනටම
හමුවෙලා ඇතී
එනමුදු
ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත්
කිසි කෙනෙකු නැතී.....
සුවිසල්
රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය
මුල් පස යට සැගවී
නං
පල මල් දළු පුබුදනමුත් ගස
මුල්
රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය
කිසි කෙනෙකුට නොපෙනෙයි. .
විල්තෙර
දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ
දිය උල්පත නිසලයි
සියපත
විල මත පිබිදෙන මුත් යස
උල්පත
හැමදාමත් නිසලයි
ප්‍රේමය
හැමදාමත් නිසලයි
ගායනය :
චන්දන ලියනාරච්චි
පදරචනය:යමුනා
මාලනී පෙරේරා
සංගීතය: රෝහණ
වීරසිංහ
Subscribe to:
Posts (Atom)