හිස් මහ හුඟක් ඇති විටෙක වුව
එකම එක හිස් හිස්තැනක්
තියෙන්නට හැක
පිරුණ බව පෙනී නොපිරුණ
ඒ ඒත් හිස් හිස්කමක් විය හැකි තැනෙක ඇස්බැදුම්
පුරාවටම
පෙළගසනු ඇත ඒ සිත ය
ඒත් ඒ හිස් කමක් ය
කඩතුරා හැර හිස් අතර හිස්ම
හිස්තැනක් ව නොනවතින තුරු විටෙක
හිස්තැනක හිදැස'ද
ඇහිපිල්ලමක් පමණක් ය දුර ය
ඒත් ඒ හැම හිස්තැනකම
එකින් එක වෙනස් ය
හිස්තැන් ය
No comments:
Post a Comment