Wednesday, July 4, 2018

හරි දුරයි ජීවීතේ


ජීවීතේ හරි දුරයි සිතුවිලි එකිනෙක ඈත
වෙලා ගත් හදපුරා හුස්ම වැටුණට මෑත
නිවී ගිය සද එළියෙ මතකයක කටු ගෑ ගීත
පාරනා හිත් මතින් නුඹ සුළගක්ය මට දූත

ඇස් පියෙන ඇසිල්ලෙන් බලා ඉද්දීම නිතර
නොපෙනෙනා දුර ඈත හුදෙකලාවේ මියුර
ඉද හිටක පෙනී නොපෙනී දැල්වෙනා අරුම
ජීවීතේ මේ හැටිද ආදරය වගේ දෝ සොදුර


No comments: