ගලා හැලෙන නදියක්ව
නුඹ යන්න නොනැවතී
ඉවුරකව සමීපව
පිනි බින්දුවත් රැක ගමී
සුදු පාට පියුමක්ව
පිබිදෙන්න නුඹ සුවඳ දී
පවනක්ව සමීපව
සුවඳ දසතට විසුරමී
නුඹ පතනා පැතුමක්ව
නොවී මම අරුත් දී
ආදරෙන් සමීපව
හද ලඟින් නවතිමී
තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...
No comments:
Post a Comment