Wednesday, August 16, 2023


 


මහ හුඟක් බර දැනෙන
හැඟුම් එකිනෙක මුහුකොට
සුළඟකට කියන්නෙමි
රැගෙන.... පාවෙන්න
නොපෙනෙනා තරම් දුරකට
ආයෙමත් එන අතරමග
සෙනෙහසින් අත් අල්ලාගෙන
මිතුරන් පමණක්ම
එක්කාසු කරගෙන එන්න
එවිට
අපි හිනැහේවී......නිසැකවම
අදටත් වඩා ලස්සනට
හිත නිදහසේ සුවයෙන්ම

No comments:

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...