අකුරින් අකුර ගලපමින් හිමි හිමින් අපි ලිව්ව
කවියක් වගේ නොවුණි ඉදින් ගෙවි ගිය ජීවිතය
එළිසමය උපමාව ඉඳ හිටක කොමාවද මැද තිව්ව
ආදරෙන් අපි ලියන ලස්සනම කවියෙ නම "ජීවිතය"
මිතුරෙක් වගේ දුක සැප ආදරයෙන් බෙදා ගමින්
හිතවත් වෙලා සසරේ නුඹ හුරුපුරුදු කමින්
නිවනක් නැතිව කියවන මා සිනහව දී දරාගමින්
සුළඟක් වෙලා ඇත නුඹ මට ජීවන සිසිල දෙමින්
අතිනත් බැඳී වසරක දැනුණු සුන්දර මතක ගෙන
හෙටටත් හිනාවෙමි පැතුමක් හද තුල රුවා ගෙන
සවියක් වෙලා අපි අපිටම සෙනෙහස් සුවඳ දෙන
සතුටක් වේවා මුළු විශ්වය ආදරයෙන් අසිරි දෙන
සිත බදා වැළඳ ගෙන ඔය පපුවේ තුරුළු වෙලා
කියන්නට තියෙනවා ආදරෙයි මං කාටත් වඩා
සංසාරේ මතු මුණගැහේ නම් කෙනෙක් හමුවෙලා
සොඳුරේ මම නුඹම පතමි මගේ මුළු සිතින් පේවිලා...

No comments:
Post a Comment