කිච් බිචී හඬින් සියොතුන් නිති සරන ලොව
ළාහිරු රැසින් නැගෙනා දිය රැළි දිලෙන වැව
සීතල සුළං විත් විඩාව පිරි ගත නිවා නිසලව
සොඳුරුයි කියා දනවයි මට සොබාදම් ලොව
බැලු බැලු හැමතැනක නිල් ගොයම පෙනෙන විට
නිතැතින් සිහිවෙන්නේ සොඳුරේ නුඹ පමණි මට
ඈතීන් සොඳට යායට දුර තුරුලිය පෙනෙන විට
සොඳුරේ නුඹත් සිටියා නම් මාසිත් හද දැනේ මට

No comments:
Post a Comment