ඒ එකින් එක මල් හැම එකක් පෙන්වා
කියන්නට කතාවක් පිච්ච පඳුරට තිබුණා
සතුටින් ම පිපි හිනැහුණ මල් අතර
හිනාවෙන්නට අමතකව සොවින් මියැදුන
දුක සතුට එකින් එක සමසිතින් විඳ දරා
ලෝකයට සෙනේ දුන් මල් පිපි තිබුණා
ලස්සනට පිපුණ මල් පූජාසනයේ
නෙළා ගත් කල පුදන්නට
මහා සන්තෝසයෙන්
හිනාවුණ දවස් පිච්ච පඳුරට තිබී තිබුණා
බඹරුන්ට නොපෙනී සැඟවුණු
රොන් සොයා බඹරු පැමිණුනු
සුවඳ මකරන්ද විහිදුනු
එකින් එක මල් ලස්සනට පිපි තිබුණා
පිපුණ ඒ මල් විතරක්ම නොවෙයි
සන්තෝසයෙන් පිදුණ මල් ඔක්කොම
මුකුලිතව මියැදිලා තිබුණා
මහා සංතාපයෙන් පිච්ච පඳුර උන්නා
ඒත් එකින් එක එකක් වත් නොවෙයි
මහපොළව සෙනේවන්තව
ඔක්කෝම මල් එක්වරට හදවතින්
වැළඳ ගෙන ඉන්නවා විතරක්ම දැක්කා



