Sunday, August 20, 2017

ප්‍රේමය



මට මේ තරම් දැනෙද්දිත්.ඇයි ඔයාට මාව දැනෙන්නේ නැත්තේ කෙනෙක් මගෙන් අහනවා. කොහොම පිළිතුරු දෙන්නද තාමත් මං මගෙන්ම අහද්දිත් ඒ දේම. ඇත්තටම ඔයාට මොහොතකටවත් දැනෙනවද  මාව? මං  අහනවා මගෙන්ම. ජිවිතේ හරිම පුදුමයි. ජිවිතේ සුන්දර බලාපොරොත්තුව අපි ප්‍රේමය නමින් අරුත් ගන්වනවා.ඒත් ඇත්තටම ප්‍රේමය කුමක්ද? මටත් හමුවෙලා ඇති. ඔබටත් හමුවෙලා ඇති.අපිටත් හමුවෙලා ඇති.ඒත් ඒ ප්‍රේමයමද? මං දන්නේ නෑ හරියටම. හදුනාගන්න කොහොමද කියලා දන්නවා ඇතිද? කවුරුත්ම.
ගස් වල මල් පිපි ඵල දරා සොබාදහම සුන්දර වෙනවා.මිහිතලය මත නොයෙක් සුවදින් මල් පිපෙද්දී සොබාදහමට වසන්තය ඇවිත් අපි හිතනවා. ඒත් ඒ සොබාදහමට  ලස්සන කරන  ගසක මුල්  අපි කවුරුත් දකින්නේ නෑ.ඇත්තටම මතුපිටට පෙනෙන්නේ නෑ. ජීවිතෙත් හරියට එවගෙයි. ගස් වල මල් පිපෙද්දී වසන්තය උදාවෙලා කියන්නා වගේම ප්‍රේමය ජිවිතයට වසන්තය අරන් එනවා කවුරුත් කියනවා.ඒත් ඒ ප්‍රේමයමද? ගසට ජිවය දෙන මුල් කාටවත් නොපෙනනවා වගේම ජිවිතයට ජිවය දෙන්නෙත් ප්‍රේමයයි. ජීවිතය ජිවත් කරවන බලාපොරොත්තුව ප්‍රේමයයි.වස්සානයේ මල් පිපි ඵල දරන්න ගස සිහිනයක් දකින්නා සේම ප්‍රේමය විසින් ජිවිතයට සිහිනයන් හදවත තුල නිර්මාණය කරවනවා කාටවත් නොපෙනෙන්න.ඒත් හදවතට විතරක් දැනෙන්න මුළු ලෝකයම තමන් ළඟ බව.ප්‍රේමය සොබාදහම ට සමීපයි.
හදවතේ ගැඹුරටම දැනෙන හැඟීම ප්‍රේමය අපි කාට කාටත් දැනිලා ඇති. විලක,දොළක, ගඟක වෙනසක් නෑ දිය ගලාගෙන ගියත් රැදී කෙත්වතු සාරකළත් ජිවය දෙන්නේ උල්පතයි. දියෙහිම වැඩි විල්තෙර මත පියුමක්ව දහසක් නෙළුම් පිපුණත් සැමටම ජිවය සාදන්නේ උල්පතයි. ජීවිතෙත් හරියට ඒවගෙයි.ජිවිතේට ජිවය දෙන්නේ ප්‍රේමයයි.සිනහව, කඳුළ, ජයග්‍රහණ, අහියෝග හැමදෙයක්ම ජිවිතේට සොඳුරු අත්දැකීම්. ඒත් ඒ හැමදේම අතරේ අපිට ප්‍රේමය හමුවෙලා ඇති.සියපතක් විල් දිය මත පිපෙන්නා සේම අපි හැමෝමත්  ජිවිතේ කියන විල්තෙර මත ලස්සන සියපතක් වෙලා පිපිලා ඇති. එහෙම ලස්සනට මල් පිපෙද්දීත් උල්පත නිහඩයි වගේම ජිවිතයට වසන්තය කැන්දන ප්‍රේමණිය බලාපොරොත්තුව අපේ හදවත් තුල නිහඬවම නැවතිලා ඇති අපි දන්නවා වුණත් නොදන්නවා වුණාත්.
ඉතිං කොහොම පිළිතුරු දෙන්නද? හදවතට දැනෙන්නේ නැත්නම්, මම දන්නේ එකම එක දෙයයි. “ඇත්තටම මට හිතුණේ නෑ.දැනෙන්නේ නෑ” හදවතට දැනුනානම් මං දෙපාරක් නොහිතම නුඹ ලඟින් නවතියි.ප්‍රේමය කියන්නේ මොකක්ද? මං දන්නේ නෑ.ඒත් හදවත කියන්නේ ඒ දේනම් ජිවිතයට දැනෙන්නේ ඒ දේනම් ප්‍රේමය කියන්නේ ඒකට වෙන්න ඇති.ඒත් හැමෝම කතා කරන ප්‍රේමය හදුනාගත් කෙනක් නැතිව ඇති.ප්‍රේමය හදවතට දැනෙන ආදරණීය හැඟීමක් මාත් හරියටම දන්නේ නැති.

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනටම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී.....

සුවිසල් රුක් ගොමු දෙරණට රදවන
ප්‍රේමය මුල් පස යට සැගවී
නං පල මල් දළු පුබුදනමුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි. .

විල්තෙර දියයට දියඹුන් නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ගායනය : චන්දන ලියනාරච්චි
පදරචනය:යමුනා මාලනී පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ



No comments: