Saturday, August 24, 2024

 

තරු පිරී මේ අහස ලස්සනයි
සේපාලිකා මල් සුවඳ පැතිරිලා
සුරකුමරියන් ඇවිත්
කෝ කොහෙද නුඹ විමසනා....

තනියෙනුත් ලස්සනට සිනා සී
උකුලේ නිදනා පුතු දැක බලා
කිමැයි මේ විමසුවෙමි
විස්මයෙන් මම හිනැහිලා....

වසඟ කර ලොකයක්
කතා කරනා ඇස් ආදරේ පුරවලා
මේ තරම් ලස්සනට හිනැහෙන්නේ
ඔය සුරලෝකයයි සිහිවෙලා

අම්මාව සොයාගෙන ඇවිත්
මට ලැබුණු ලස්සනම තිලිණය වෙලා
මේ දැනුත් හිනැහෙන්නේ අම්මා එක්ක
සෙමෙන් කීවෙමි මම ත් හිනැහිලා

😘😘😘😘

Tuesday, January 16, 2024

 







සීතල පවන ඇවිත් සවනට
මුමුණනවා රහසක් හිමිහිට
උදා වූ මේ අරුණැල්ල ලෝකයට
ගෙනාවේ ලස්සන දවසක් නුඹට
 
කඳු හෙල් පසු කරන ගංගාව
දිනෙක සයුරක් සොයා යන්නා සේම
ජීවිතයේ හැම අභියෝග පසුකර
හිමි හිමින් ගෙනයාවි නුඹ පෙරට
 
දුක සතුට වෙනසක් නැතිව
ගෙවෙනා දවසක වෙහෙස නිමාව
හද වෙලා ගත් සතුටක් කැටිව
හිනාවෙනු මැන මුව පිරී සිනාව

Tuesday, January 9, 2024



 

බිඳුනු කඩතොලු පිරුණ හදවත්
දිනෙන් දිනයට සුව පිරේවා...
සතුට සැනසුම හද පුරෝගත්
සොඳුරු මිනිසුන් මුණ ගැසේවා....

අපට නැතිවත් අනුන් හිනැහෙන
සතුට ඉවසන පුරුදු වැඩේවා....
හිනාවෙන් පිරි මුහුණකට
සිනා ගෙනෙනා අය මුණ ගැසේවා....

ජීවිතේ මහ විසල් බර මත
හදේ සැනසුම ළඟ රැඳේවා....
නපුරු දුදනන් ගෙනෙන හිරිහැර 
මෙතින් සිත් තුල සුව වැඩේවා.... 

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...