Thursday, November 23, 2023

 


වර්ණය සුවඳ කිමැක්දැයි
නොදන්නෙමි
දිය බිඳෙන් බිඳ එකතු කර
වෙලාවට පොහොර යොදා
ආදරෙන් පත්‍ර අතගා සෑදු
ගසෙහි
වස්සානයට පිපෙන
පොහොට්ටුවක් දකිමි
නමුත්
ඒ මල කුමක්දැයි නොදන්නෙමි
ආදරෙන් ආදරේ පිපිනා තරම්
ලස්සනම ලස්සන මලක්
පිපෙනා තුරාවට
බලාපොරොත්තුවක
ආදරෙන් ජීවිතය විඳිමි...

💕💖😘💗💖

  තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...