ඉපල් වී වියළුණු මහපොළොව බදාගෙන
හිටිහැටියේ නොකියාම පොදින් පොද වැටෙන
පස් පිඩැලි තණ පත් නැවුම් වී සුවද දෙන
තුරු මුදුන් නැහැවිලා කාලෙකින් වස්සාන
දුෂ්කරව පණ ඇද්ද දිය බුබුළු උතුරාණ
මියදෙන්න දින ගැන්න මල් කැකුළු පුබුදාන
එකින් එක බිම හැළුණු පල වැලට පණගේන
හිටි හැටියේ මහ වැස්ස ලෝකයම නහවාන
නෑඹුල් ව සුවද දෙන මිහි තලේ අපූරුව
වැස්සක්ව පසසන්නේ ජීවිතේ මිහිරිය
හිරු රැසින් දැවී වියකී ගිය ඒ අතීතය
මතක වත් නෑ කොහේ වැහි බිදකි අරුමය
Saturday, March 14, 2020
Subscribe to:
Comments (Atom)
තරු පිරී මේ අහස ලස්සනයි සේපාලිකා මල් සුවඳ පැතිරිලා සුරකුමරියන් ඇවිත් කෝ කොහෙද නුඹ විමසනා.... තනියෙනුත් ලස්සනට සිනා සී උකුලේ නිදනා පුතු දැක...
-
ඝන කළුවරට ගැබ්බරින් මුළු අහස වසාගෙන කෑ ගසා අතු රිකිළි සුළඟ දැඩි බැවින ඇද හැලෙන වැහි බිංදු මහා ගස් පෙරලගෙන අඬ අඬා දුක කියා මහපොළව බදාගෙන හි...
-
බිඳුනු කඩතොලු පිරුණ හදවත් දිනෙන් දිනයට සුව පිරේවා... සතුට සැනසුම හද පුරෝගත් සොඳුරු මිනිසුන් මුණ ගැසේවා.... අපට නැතිවත් අනුන් හිනැහෙන සතුට ...
-
බිමට වැටිලා පරවෙලා යන මලක් වූවත් නොකියා උන්නට නොකී කතාවක් හැමට වාගේම මලට වූවත් තිබෙන්නට හැක උස්ම මුදුණක පිපි සුවඳට පාට වත්සුණු තවරා ගත්තම සි...
