දෙනෝදාහක් මැද හැම වෙලාවේ
හිත දුවන්නෙම කල්පනාවට
ගතේ දැවටෙන සිහිල් සුළගත්
මවා දෙන්නෙ පාලු හිස්කම
හිත දුවන්නෙම කල්පනාවට
ගතේ දැවටෙන සිහිල් සුළගත්
මවා දෙන්නෙ පාලු හිස්කම
ලොවේ කොතැනත් ජීවිතේ මග
හිතට හුරු තැන හුදෙකලාවට
සෙමින් නැලවෙන තුරු ලතාවන්
ගෙනත් දෙන්නේ රැයේ සිතුවම
හිතට හුරු තැන හුදෙකලාවට
සෙමින් නැලවෙන තුරු ලතාවන්
ගෙනත් දෙන්නේ රැයේ සිතුවම
සිතින් සිතුවිලි මවා ගත්තට
හීන ඇත්තෙම ඇතිව නැතිවෙන
හිනාවක් වී මවා පෙන්නුව
ජීවිතේ බර වැඩියි ඇත්තට
හීන ඇත්තෙම ඇතිව නැතිවෙන
හිනාවක් වී මවා පෙන්නුව
ජීවිතේ බර වැඩියි ඇත්තට
ලොවේ අපමණ දෙනෙක් අතරේ
කෙනෙක් වූවත් තුටින් හිනහෙන
දරාගන්නට නොහැකි විටකදි
වැටෙන කදුළක සතුට කොතැනද
කෙනෙක් වූවත් තුටින් හිනහෙන
දරාගන්නට නොහැකි විටකදි
වැටෙන කදුළක සතුට කොතැනද
No comments:
Post a Comment