Sunday, August 11, 2019

නුඹට සිත් බැදි මගේ ප්‍රේමයයි....



දහක් තරු මල් දිලෙන අහසේ
සදක් නැති වග නෙතට මැවුණද
පුරට අවරට නොදනී රැයකට
සමන් මල් මත සුවද වෙන්නේ
දුරින් පායන සදේ එළියයි.....

හිතක් වාගේම ගැඹුරු නිසසල
දියෙක මතුපිට තඹරු පිපුණද
නොවේ වෙනසක අරුම රහසක්
නෙළුම් මල් පෙති පාට වෙන්නේ
ළහිරු ගෙනෙනා උදේ එළියයි....

පුරුදු මදනළ වෙළෙන සියොළඟ
කාත් කවුරුත් වගක් නැතිවද
මිහිරි සත්සර වැයෙන අයුරින්
තුරු ලතාවෝ වෙළාගන්නේ
සිතින් සිත් පිරි හදේ සතුටයි....

දිලෙන සදතරු පිපෙන මල් මත
පාට තවරා සිසිල් සුවදේ
හදේ වෙලෙනා සියුම් හැගුමක්
සබැදි කවියක අරුත් වෙන්නේ
නුඹට සිත් බැදි මගේ ප්රේමයයි....

අහස සමුදුර දුරක පරතෙර
ලොවම එකවර ලෙසක විමසුව
දැනී නොදැනෙනෙ තරම් නිසලව
නුඹේ නෙතු මට මග හරින්නේ
හදින් මැවෙනා අපේ ලෝකයයි....

No comments: