Saturday, December 30, 2017

දුරින් නුඹ දකිද්දී

වලාකුළු ගැබ්බර අහසේ
නෙතු හිමින් ගැටෙද්දී
මගේ හිත වගේමයි
නුඹ මසිත සිඹිද්දී

කවුරුන්ද දන් නෑ සියොතුන්
ආකාසේ සරද්දී
නුඹ වගේ මට හිතුණා
මං නුඹව සොයද්දී

හුරුපුරුදු මග ඈත
දුරින් නුඹ දකිද්දී
හිත මගේ හිරිවැටුණා
නෙතු සිනා මවද්දී

2017/12/22@ 😁😁

No comments: