Friday, September 8, 2017

මේ අන්තිම කවිය

කවිය හැමදාම
බලාපොරොත්තුවක්
සිතුවිලි වලට
හිත රුවා තෙරපෙන,
දිනෙක ජීවිතය සොයා දුන්.... මට
සිතන්නත් කලියෙන්ම
නොකියාම
පද ගෙත්තම් කරන
සදුට කවි ලියූ මං
සද අයිති අහසටයි
නොවටහගෙන
හදේ ගැඹුරින්ම නැගුණ
සොදුරු හැගුමන් අතර
ලස්සනම පද මමත්
නොදන්නෙමි
කොහොම ගැලපුනිදැයි
නුඹ අපි ගැනම
ඇස් කදුළු පිරුණාට
උහුලන්න බැරි තැනම
අඩන්නෙත් කොහොම
මගෙ නොවේ දැන දැනම
මියදෙන්න සිතයි මට
හැංගිලා මුළු ලොවට
නුඹ ඇවිත් කියාදුන්නේ
ජීවත් වෙන්න
හීනයක් පියවර
ඉහළටම යන්න
අතරමග නවතින්නේ කොහොම
ඒතරම් දයාබරව කියාදුන් හීන
ලොකයක් මගෙන් ජීවිතේ හොයනකොට
මහා ලොකු වචන එක්ක
ගැලපීම් කලාට අරුත්බර
නොදන්නෙමි
ආදරය කියන්නේ මොකක්ද
මට දැනුනේ නුඹයි
මගේ ජීවිතේ හුස්ම
හැමදාම සිතුවිලි ආසිරි
නුඹ ගැනම මට දැනෙන
සිහිනයකවත් නෑ
අහිතක් නුඹ ගියත් දුරට
නුඹ ගැන මටම
මහාකලු ගලක් වගේ
මොනවත්ම නොකියාම
හිස්ම හිස් නිහැඬියාවක
නුඹ උනත්  බලා ඉන්නැති
මං නවතින්නේ කවදාද
ඒත් මට හිතුණේම නෑ
ඒ නිහඬ බව කුමක්ද
මං ආස වුණේ හිත පැතුම්
මල් පිපෙන්න
සංසාරේ කොහේහරි තැනක
අපි අපිට හුරු ඇති අතීතෙක
ඒත්
මට බැරිවෙන්නැති හරියටම
පාරමි පුරන්න
ඉතිං මං නවතිමි.
.
.
සද අයිති අහසටයි හදවතින්
පිළිගෙන !
කොහේහරි නැවතුමක මාවත්
නවතාවී ජිවිතේ
නුඹ නැවතුනා වාගෙම
දවසක
අහම්බෙන් නුඹ හමුවූ දා සිටම
සිතුවිල්ලකින් වත් නොබිදුන
නුඹ විතරක්ම වුණ
මගෙ හැගුම් සියල්ලම
එකතු කර
ප්‍රාර්ථනා කරමි මං
එකම එක පැතුමක්...!
සංසාර චාරිකාවේ මතුදාක
ආයෙමත් හමුවෙන්න
සුපුරුදු ලෙසම
වෙන කාටවත් නුඹ
හිමි නැත්නම් විතරක්ම
මගෙ වෙලා මගෙන්
නික්මෙන්න  නෙමේ
නුඹ එක්ක ජීවිතේ
හුස්මක් ගන්න සදහටම
ඒක එකම එක පුංචි පැතුමක් !
තවත් මං ගොතන පද එක්ක
දැන දැනම නුඹ අහිමි බව මටම
අතරමං වෙනවා මං
ඒත් මං දන්නේ නෑ නුඹ අතැර
කවියක් ලියන්න තවම
ගෙවුණු හැම නිමේෂයකම
දැනෙද්දී නුඹ දුරයි මොහොතින් මොහොත
ලෝකයම මා අතැර බලා ඉද්දිත් මදෙස
නුඹ මත්තෙම නැහෙන්න 
හිත කීවේ මගෙයි නුඹ තවම මට

ඉතිං මේ අන්තිම කවිය
අපි ගැන මං ගලපන
මේ තරම් පැහැදිලිව
උන්නා නම් දැනගෙන
කාටවත් නෙමෙයි නුඹෙන්
මං හුගක් දුර ගිලිහිලා වග
නවතිනවා කලියෙන්ම
සමාවෙන්න මට
මගේ නොවේ බව නොදැන
දුර ආවේ විටින් විට කරදරයක්ව
මේ නැවතුම මට විතරක්ම නෙමෙයි
සිතුවිලි එක්ක මං අතරමං කරන
කවිය නුඹටත් එක්ක
මම නුඹ අපි  හැමදාම
පෙම් බැන්දේ කවියට
කවිය අපි හැදිනෙව්වේ
අහම්බෙන් දවසක
නොදනිමි කොහොම ගලපන්න
කවියක් තවම
හිතෙන්නෙම අපි ගැන
ලියන හැම අකුරක දුක තියෙන
ආයෙමත් දවසක හිනාවෙන්න
හිතුණාම මටම
මේ වසන්තය සොදුරු
මතකයක් විතරක්ම කර
හොයාගන්නකම් උඹව
නික්මියන් පන්හිදේ....
හද පිරුණ සිතුවිලි
මගෙන්  අරගෙන
අපි දෙන්නටම සතුටින් ඉන්න
ඉතිං මේ අන්තිම කවිය.
...............................

No comments: